NPP Anuradhapura

NPP Anuradhapura

Share

Official NPP Page of Anuradhapura District

Photos from NPP Anuradhapura's post 06/06/2026

දේශපාලන භේද පසෙකලා ජාතික ජන බලවේගයෙන් ආදර්ශයක්..!

අකාලයේ අභායට පත්, එ.ජා.ප. දේශපාලන ක්‍රියාකාරිකයයෙකු, මැතිවරණ අපේක්ෂකයෙකු වූ කේ. ඒ. සෝමපාල මහතාගේ බිරිඳ වෙත ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිවාස ආධාරයක් ලබා දී , පාර්ලි⁣මේන්තු මන්‍ත්‍රී සේන නානායක්කාර සහෝදරයාටග් ප්‍රධානත්වයෙන්, නව නිවසට මුල්ගල් තැබූ දින සටහනකි මේ..
​ විහාර පාළුගම කොට්ඨාසයේ පුසියංකුලම තුලාන.

​දේශපාලන පක්ෂ භේදයකින් තොරව, ජනතාවගේ සැබෑ අවශ්‍යතාවය මත පමණක් පදනම්ව සහන සැලසීමේ ආදර්ශමත් සිදුවීමක් විහාර පාළුගම කොට්ඨාසයේ, පුසියංකුලම තුලානෙන් වාර්තා වේ. ඒ, පසුගිය මැතිවරණයක දී ප්‍රතිවිරුද්ධ පක්ෂයෙන් තරග කළ අපේක්ෂකයාගේ බිරිඳ වෙත නව නිවසක් ලබා දීමට ජාතික ජන බලවේගයේ නියෝජිතයින් මැදිහත්වීමයි.
​මෙම නිවසේ ප්‍රතිලාභිනිය වන්නේ වන්නිආරච්චිගේ චාමිනී නිසංසලා කුලතුංග මහත්මියයි. පිරිමි දරුවන් තිදෙනෙකුගේ මවකි.. ස්වාමියාගේ අභාවයෙන් පසු දරුවන් තිදෙනාද සමඟ දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවි ගෙවූ නිසංසලා මහත්මිය, ස්ථිර නිවසක් නොමැතිකමින් දැඩි අසීරුතාවකට පත්ව සිටියාය.
​මෙම පවුලේ පවතින දැඩි අවශ්‍යතාවය හඳුනාගත් ජාතික ජන බලවේගයේ කොට්ඨාස සංවිධායක සහෝදරයා, ප්‍රජාශක්ති සභාපතිවරයා, ග්‍රාම නිලධාරිනිය සහ සංවර්ධන නිලධාරිනිය (DO) ඇතුළු පිරිසක් ඇගේ නිවසට ගොස් තොරතුරු සොයා බලා තිබේ. ඉන් අනතුරුව, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරන "තුලානට නිවසක්" වැඩසටහන යටතේ පුසියංකුලම තුලාන සඳහා හිමිවන නිවස නිසංසලා මහත්මිය වෙත ලබා දීමට බලධාරීන් පියවර ගෙන ඇත.
​තම ස්වාමියා ප්‍රතිවිරුද්ධ දේශපාලන කඳවුරක් නියෝජනය කළද, දේශපාලන පළිගැනීම් හෝ පක්ෂ භේදයකින් තොරව තමන්ට මෙම නිවස හිමිවීම පිළිබඳව නිසංසලා මහත්මිය දැඩි හැඟීම්බරව සිය කෘතවේදීත්වය පළ කර ඇත.
​ කිසිදු ජාති, ආගම්, කුල හෝ පක්ෂ භේදයකින් තොරව ජනතාවට සේවය කිරීම ජාතික ජන බලවේගයේ "මහත්මා දේශපාලනය" යි..

"පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්"

Sena Nanayakkara

Photos from NPP Anuradhapura's post 05/06/2026

දිළිඳුබව තුරන් කිරීමේ "ප්‍රජා ශක්‍ති"යෙන් අනුරාධපුර ග්‍රාමීය සංවර්ධනයට රුපියල් මිලියන 1086ක නව ජවයක්!
අනුරාධපුර බටහිර කලාපයේ කෘෂි සහ යටිතල පහසුකම් සංවර්ධනයට ව්‍යාපෘති රැසක්!
දිළිඳුබව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය වන "ප්‍රජා ශක්‍ති" වැඩසටහන යටතේ දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙන "ගම් දහසක වැඩ දහසක්" ව්‍යාපෘති මාලාව පසුගියදා පාර්ලි⁣මේන්තු මන්‍ත්‍රී සේන නාකායක්කාර ස⁣හෝදරයාගේ මූලකත්වයෙන් නොච්චියාගම දී සාර්ථකව ආරම්භ කෙරිණි. සමස්ත දිවයිනම ආවරණය වන පරිදි රුපියල් මිලියන 25,000ක අතිවිශාල ප්‍රතිපාදනයක් රජය විසින් මේ සඳහා යොදවා ඇති අතර, ඉන් රුපියල් මිලියන 1086ක මුදලක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය පුනරුදය වෙනුවෙන් වෙන් කර තිබීම විශේෂත්වයකි.

එක් දිනක් තුළ එකම මොහොතක රට පුරා සමාරම්භ වූ මෙම ව්‍යාපෘති මාලාවට සමගාමීව, #අනුරාධපුර බටහිර කලාපය කේන්ද්‍ර කරගනිමින් ප්‍රජා මූලික සංවර්ධන ව්‍යාපෘති රැසක් මේ වන විටත් ආරම්භ කර ඇත. ඒ යටතේ ක්‍රියාත්මක ප්‍රධාන ව්‍යාපෘති තුනකි.

1. නොච්චියාගම, මුදිතාගම 337 තුලානේ ගොවි ජනතාවගේ පහසුව
උදෙසා රුපියල් ලක්ෂ 15ක වියදමින් නව කමතක් ඉදි කිරීම.

2.මධ්‍යම නුවරගම් පළාතේ, පණ්ඩුලගම 293 තුලානේ අඩු ආදායම්ලාභී දේශීය නිෂ්පාදකයින් නඟා සිටුවීමේ අරමුණින් රුපියල් ලක්ෂ 29ක වියදමින් නව ආහාර අලෙවි සැලක් ගොඩනැගීම.

3. බෝගස් හන්දිය 359 තුලානේ කෘෂිකාර්මික කටයුතු සවිබල ගන්වමින් රුපියල් ලක්ෂ 14ක ප්‍රතිපාදන මත කෘෂි මාර්ගයක් ප්‍රතිසංස්කරණය කිරීම.

ග්‍රාමීය ජනජීවිතයේ අභිවර්ධනය උදෙසා සෘජුවම බලපාන මෙම සාධනීය ක්‍රියාවලිය හරහා ප්‍රදේශයේ නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම, ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ පොදුජන ජීවිතය ඉහළ නැංවීම මූලිකවම අපේක්ෂා කෙරේ.
මෙම සංවර්ධන වැඩසටහන් මාලාව සාර්ථක කර ගැනීම සඳහා නොච්චියාගම, විලච්චිය සහ මධ්‍යම නුවරගම් පළාතේ ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු සියලුම රාජ්‍ය නිලධාරීන් මෙන්ම ප්‍රදේශවාසී ජනතාවගෙන් ලැබෙන නොමඳ සහයෝගය ව්‍යාපෘති භාරධාරීන්ගේ විශේෂ ඇගයීමට ලක්ව තිබේ.

23/05/2026
Photos from Susantha Kumara's post 23/05/2026
Photos from Thilina Tharuka Samarakoon's post 23/05/2026
Want your business to be the top-listed Government Service in Anuradhapura?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address

Anuradhapura