DMC GALLE

DMC GALLE

Share

"Be prepared," "Be aware," "Build disaster-resilient communities"

02/04/2026

රත්ගම ප්‍රා.ලේ. කොට්ඨාසයේ 44- බූස්ස ග්‍රාම නිලධාරී වසමේ පස්වරු 12.45ට පමණ කැබලි රෙදිගබඩාවක හදිසි ගිනි ගැනීමක් හටගත් අතර එය ගාල්ල ගිනි නිවීමේ ඒකකය හා ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය මැදිහත්ව මැඩපැවැත්වීමට කටයුතු කරන ලදී.

Photos from DMC GALLE's post 18/12/2025

"සතුටු රටක් Clean Sri lanka - ගමින් ගමට" ජංගම සේවා සහ විශේෂ ජන සත්කාරක ගාල්ල දිස්ත්‍රික් වැඩසටහන දෙසැම්බර් මස 13 වන දින නාගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, නාගොඩ ප්‍රාථමික විද්‍යාලය, නාගොඩ රාජකීය ජාතික පාසල සහ නාගොඩ ප්‍රාදේශීය සභා පරිශ්‍රය කේන්ද්‍රකර ගනිමින් ගාල්ල නාගොඩ දී පැවැත්විනි.

ගරු වෘත්තිය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, නියාගම, වඳුරඹ, යක්කලමුල්ල හා වැලිවිටිය දිවිතුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහක ජනතාවගේ ගැටලු විසඳීමට සහ සේවා සැපයීමට මේ වැඩසටහන අදාල දිනය පුරා ක්‍රියාත්මක වූ අතර එහිදී ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණය සම්බන්ධීකරණ ඒකකය මඟින් වැඩසටහනට සහභාගී වූවන් සදහා ආපදා කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීම හා ඒ සම්බන්ධ ඉදිරිපත් වූ ගැටළු සඳහා අවශ්‍ය මඟ පෙන්වීම සිදු කරන ලදී.

Photos from DMC GALLE's post 30/11/2025

අයහපත් කාලගුණය හේතුවෙන් ගිංගඟ හරහා වැටී ඇති දොඩංගොඩ පාලම යට සිරවී ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීම අද (30) දින පෙරවරුවේ ක්‍රියාත්මක විය.

ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සම්බන්ධීකරණයෙන් යුතුව නාවික හමුදාව හා වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අදාල මෙහෙයුම සාර්ථකව සිදු කරන ලද අතර මේ සඳහා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයිය නිලධාරීන්, ක්ලීන් ශ්‍රී ලංකා හි නිළධාරින්, ගාල්ල දිස්ත්‍රික් පාර්ලි‌‌මේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය නිශාන්ත සමරවීර, තිලංක යූ. ගමගේ ඇතුළු මහජන නියෝජිතයින් එක්ව සිටියහ.

Photos from DMC GALLE's post 29/11/2025

මේ දිනවල මුළු දිවයිනටම බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් මේ දිනවල ගාල්ල දිස්ත්‍රික්කය මුහුණ පා ඇති ආපදාමය තත්වය සහ ඉදිරි දින කිහිපය තුලදී මුහුණපෑමට සිදුවිය හැකි ආපදා අවදානම සැලකිල්ලට ගනිමින් ඇතිවිය හැකි ආපදා තත්වයන්ට ක්ෂණික ප්‍රතිචාර දැක්වීම හා මේ වන විට පීඩාවට පත්ව සිටින ජනතාව වෙත සහන සැලසීම අරමුණුකර ගනිමින් ගාල්ල දිස්ත්‍රික් ලේකම් තුමාගේ මූලිකත්වයෙන් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටුව කැඳවීම සිදු කරන ලදී.
එහිදී මූලික වශයෙන් දිස්ත්‍රික්කයේ හදිසි ප්‍රතිචාර කටයුතු සඳහා ත්‍රිවිධ හමුදා, පොලිස් භට පිරිස් ස්ථානගත කිරීම පිළිබඳවත්, හදිසි අවශ්‍යතාවයකට මුහුණදීම සඳහා අවශ්‍ය සම්පත් සූදානම්කර තබා ගැනීමත්, විපතට පත් වන ජනතාව වෙත සහන සැලසීම පිළිබඳ සාකච්ඡාවට බඳුන්කර අවශ්‍ය තීන්දු තීරණ ගන්නා ලදී.

Photos from DMC GALLE's post 29/11/2025

මේ දිනවල දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් ඉදිරියේදී ගාල්ල දිස්ත්‍රික්කයට බලපෑ හැකි ආපදා තත්වයන් අවමකර ගැනීම සඳහා හදිසි ආපදා අවස්ථාවන්හි දී සේවා/සහන සැලසීම පිණිස එක් එක් පාර්ශව ආයතන්හි පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි සේවා සපයා ගැනීමේ ඒකකයක්/ කණ්ඩායමක් පිහිටුවා ගැනීම හා ආපදා පෙර සූදානම පිළිබඳව රැස්වීමක් ගාල්ල දිස්ත්‍රික් ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් හා ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සම්බන්ධීකරණයෙන් යුතුව 2025.11.26 දින එම කාර්යාල පරිශ්‍රෙය්දී පවත්වන ලදී.
මේ සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ හදිසි සේවා සහන සැපයීම සම්බන්ධ ප්‍රධාන පාර්ශව ආයතන නිලධාරීන් හා ආරක්ෂක අංශ නිලධාරීන් සහභාගී වන ලදී.

Photos from DMC GALLE's post 29/11/2025

ගාල්ල, කඩවත්සතර, 99 මාගාල්ල වසමට අයත් ගාල්ල නගර සීමාවේ පිහිටි මොඩිෆයි කුෂන් වෙළඳ ආයතනයේ 2025.11.29 දින අළුයම 03.00ට පමණ ඇති වූ හදිසි ගිනි ගැනීම් තත්වය ගාල්ල ගිණි නිවන ඒකකය හා ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය එක්ව අළුයම 04.30 පමණ වන විට මැඩලීමට කටයුතු කරන ලදී.

29/11/2025

ඉදිරියේ දී ඇතිවිය හැකි ගංවතුර තත්වය අවම කරලීම සඳහා දිස්ත්‍රික්කයේ වක්වැල්ල, අගලිය මුල්කඩ හා දොඩම්ගොඩ යන ප්‍රධාන පාලම් ආශ්‍රිතව සිරවී ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතු ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සම්බන්ධීකරණයෙන් යුතුව ගාල්ල නාවික හමුදාව සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව එක්ව සිදු කරමින් පවතින අතර ඒ යටතේ ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අවිත්තාව පාලම අසල සිරවී ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතු අද දින (2025.11.29) උදෑසන සිදු කරන ලදී

27/11/2025
Photos from DMC GALLE's post 24/11/2025

පසුගිය දිනවල ගාල්ල දිස්ත්‍රික්කය පුරා ඇති වූ අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ගිං ඟග ආශ්‍රිත නෙළුව, තවලම, නාගොඩ හා බද්දේගම යන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ජනතාව විශාල ප්‍රමාණයක් ආපදාවට ලක් වූ අතර අ.පො.ස (උ.ළෙ) විභාගය සඳහා පෙනී සිටින පාසල් ළමුන්ද මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් විභාග මධ්‍යස්ථානකරා ලඟා වීමට නොහැකිව දැඩි අපහසු තාවයකට මුහුණපාන ලදී.

එහි දී, ගාල්ල දිස්ත්‍රික් ලේකම් තුමාගේ උපදෙස් සහ මඟ පෙන්වීම යටතේ ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සාමාජිකයින්, යුධ හමුදාව සහ නාවික හමුදාව සමඟ එක්ව අවතැන් වූ සහ විපතට පත් පුද්ගලයින් හට සහන සැලැස්වීමට කටයුතු කළ අතර පවතින දැඩි අයහපත් කාලගුණික තත්වයද නොතකා අ.පො.ස (උ.ළෙ) විභාගය සඳහා පෙනී සිටින පාසල් ළමුන් හා කාර්ය මණ්ඩලයට විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට බෝට්ටු, ට්‍රැක්ටර්, ලොරි හා බස් රථ යොදා ගනිමින් අදාල ගමන් පහසුකම් සපයන ලදී.

Want your business to be the top-listed Government Service in Galle?

Click here to claim your Sponsored Listing.

Location

Address

DDMCU, District Secretariat Building, Galle Road
Galle