05/05/2023
Mother Elephant Save her Baby by Crocodile attack in Yala national park Sri Lanka
Mother Elephant Save her Baby by Crocodile attack in Yala national park Sri Lanka
Mother Elephant Save her Baby by Crocodile attack in Yala national park Sri Lanka , , , , , , , ...
21/02/2021
🎋🏌️♂️🤾🤽♂️ රන් සෙම්බුවක් මතු වූ සෙම්බුවත්තේ දවසක් ගතකරමුද 🏊♂️🏊♂️🏊♂️🏊♂️
සෙම්බුවත්ත පිහිටා තිබෙන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ ඇල්කඩුව ප්‍රදේශයේය. මහනුවර සිට කටුගස්තොටට ඇවිත් වත්තේගම හරහා ඇල්කඩුවටත් නැතහොත් මාතලේ සිට උකුවෙල හරහා ඇල්කඩුවට පැමිණ සෙම්බුවත්තට ලගා විය හැක.මහනුවර සිට 30km සහ මාතලේ සිට 22km දුරකින් මෙම වැව පිහිටා ඇත.🏊♂️🏊♂️
සෙම්බුවත්ත පයිනස් කැලයකින් සහ තේ වත්තකින් වට ව නිර්මාණය වි ඇත, සෙම්බුවත්ත යනු මිනිසා විසින් නිර්මාණය කරන ලද ඉතාමත් අලංකාර වු පරිසරයකට හිමිකම් කියන ස්ථානයකි. 🍀🌸🌱🌺
යටත්විජිත සමයේදී ඉංගී‍්‍රසීන් මේ ප්‍රදේශයේ තේ වගාව ආරම්භ කළ අතර, වර්තමාන වැව අවට ප්‍ර‘දේශයේ එකළ සුදු ජාතිකයන්ගේ පෝලෝ ක්‍රීඩාංගණයක් ලෙස භාවිත කර තිබේ. නමුත් ‘සෙම්බුවත්ත’ වතුයායට යාබදව 1949 වසරේදී තේ කම්හලක් ඉදිවූ අතර, එයට විදුලිය ලබාගැනීමේ අරමුණෙන්, පෝලෝ කී‍්‍රඩාංගණය තුළ මෙම වැව නිර්මාණය කර තිබේ. එම තේ කම්හල වසා දමා මේ වනවිට වසර 20 ක් පමණ ගෙවී ඇතිමුත්, ඒ අවට ගොඩනගා තිබෙන නිවාසවලට තවමත් විදුලිය සැපෙයෙන්නේ මේ වැවෙන් ලබාගන්නා ජල විදුලියෙනි.
මෙම තේ කම්හල අසල තිබූ ජල උල්පතකින් රන් සෙම්බුවක් මතු වූ අතර එම සෙම්බුව රැගෙන වතුයාය අනුයුක්තව සේවය කළ කංකානි ඉන්දියාවට පලා ගොස් ඇතැයිද ඔහුගේ පුත් ජල උල්පත තිබූ තැන කෝවිල කරවා ඇතැයිද ජනප්‍රවාදවල සඳහන් වේ. මෙයට "සෙම්බුවත්ත" යන නම වැටී ඇත්තේ ඒ අයුරින් බවද පුරාවෘත්ත සාක්ෂි සපයයි. මේ වන විටද ‘සෙම්බුවත්ත’ නැරඹීමට පැමිණෙන සංචාරකයන්ට එම කෝවිලේ නටබුන් දැකගැනීමට අවස්ථාව තිබේ.
කලයාගේ ඇවෑමෙන් සෙම්බුවත්ත එහි ජීවත්වන්නන්ට පමණක් සීමාවන අතර, 2005 වසරේදී මෙම වතුයාය භාරව කටයුතු කළ වතු අධිකාරී රැඩ්ලි දිසාගේ මහතාගේ සංකල්පයකට අනුව ක‍්‍රම ක‍්‍රමයෙන් ‘සෙම්බුවත්ත’ වැව සහ ඒ අවට ප‍්‍රදේශය නිසි ආකාරයෙන් නඩත්තුකොට, වැව අවට ගිම්හාන කුටි සහ නාන තටාකයක් ඉදිකර මෙම ස්ථානය සංචාරකයන් අතර ප‍්‍රචලිත කිරීමට කටයුතු කර තිබේ.
සෙම්බුවත්තේ සංචාරය කරන්නන් හට විවිධ වු ක්‍රියාකාරකම් හමුහයක නිරත වීමට හැක. මේ වනවිට වැව අවට ගිම්හාන කුටි 10 කට ආසන්න සංඛ්‍යාවක් ඉදිකර තිබෙන අතර, අවශ්‍ය නම් රාත‍්‍රියක් ගත කිරීමටද වෙන්කර ගත හැකිය. තවද ළමුන්ට කී‍්‍රඩා කිරීම සඳහා වෙනම ස්ථානයක් ඉදිකර තිබෙන අතර, එම පරිසරයේ අසිරිය නැරඹීමට අවශ්‍ය පුද්ගලයින්ට වැව වටා යාම සඳහා මේ වන විට එහි බෝට්ටු සේවාවක්ද ආරම්භ කර තිබේ.
වැව අසල ඇති නාන තටාකයද අඩි 5 ක පමණ ගැඹුරකින් සමන්විත වීම නිසා ඕනෑම අයෙකුට එහි දිය නෑමට හැකියාව තිබේ. උල්පත්වලින් එන ජලයෙන් නාන තටාකය පෝෂණය වන අතර, එහි ජලය අධික ශීතලෙන් යුක්ත නිසා වැඩි වේලාවක් දිය කෙළීමට නුසුදුසු නම් කිව යුතුමය.
රාති‍්‍රය ගත කිරීම සඳහා නිවාඩු නිකේතනයක් තිබෙන අතර, මීට පෙර මෙම නිවාඩු නිකේතනය "සෙම්බුවත්ත" සහකාර වතු අධිකාරිවරයාගේ නිලනිවස ලෙස භාවිත කර තිබේ.
නිවාඩු නිකේතනයේ නවාතැන් ගැනීම සඳහා 066-3682459, 066-4935767 සහ 066 4935768 යන දුරකථන අංක ඔස්සේ ඇල්කඩුව තේ වතු යායේ කාර්යාල සේවකයන් ඇමතීමෙන් වෙන්කරවාගත හැකි අතර, නවාතැන් ගන්නා අයගේ ආහාර පිළියෙල කරගැනීම සඳහා කෝකියෙක්ද එහි සිටියි.😋😋🦞🦐
Sembuwatta Lake is a tourist attraction situated at Elkaduwa in the Matale District of Sri Lanka, adjacent to the Campbell's Lane Forest Reserve.
Sembuwatta Lake is a man-made lake created from natural spring water. Alongside the lake is a natural swimming pool. Sembuwatta Lake is believed to be 9 m to 12 m deep.
Pc -: ජායාරූප වල අයිතිය මුල් හිමිකරුවන් සතුය.
, , , ,
, #පාරාදීසයේ_අක්_මුල්
03/02/2021
හෙට නිදහස් දවසේ අලගල්ලේ නගිමුද |🇱🇰🥰🥰
ඊට කලින් මේ ලිපියත් කියවලාම යන්න,
ලිපියේ මුල් අයිතිය '"යමුද රටවටේ" ෆේස්බුක් පිටුවට 🥰🥰
ශ්‍රී ලංකාවේ උඩරට දුම්රියක දකුණුපස අසුනක ගමන් කරන අයකුට පොල්ගහවෙල පසු වූ විට අලගෙඩියක හැඩයේ සිරසකින් යුතු උස් කඳුවැටියක් දක්නට ලැබේ. මෙම කඳුවැටිය රඹුක්කන දුම්රියපළට වඩාත් සමීපව දිස්වේ. මෙම කන්ද අප බොහෝ දෙනෙකු අසා ඇති අලගල්ල කන්ද ය. මධ්‍යම සහ සබරගමු පළාත් මායිමේ පිහිටි අලගල්ල කඳුවැටිය මහනුවර සහ කෑගල්ල දිස්ත්‍රික්කවලට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරක භූමි ප්‍රදේශ වසාගෙන පැතිර ඇත. ඒ මහනුවරින් යටිනුවර සහ හතරලියද්දත්, කෑගල්ලෙන් මාවනැල්ල සහ රඹුක්කනත් වශයෙනි.
එක්දහස් අටසිය හැටේ දශකය ආරම්භයත් සමග ඉංග්‍රීසීහු මහනුවර තෙක් දුම්රිය මාර්ගයෙන් කොටසක් අලගල්ල කඳු වැටියේ නිරිත දිග ප්‍රපාතාකාර බෑවුම අතරින් ඉදි කළහ. ඒ අනුව අදත් කොළඹ සිට කිලෝ මීටර් 91ක් පසු කළ තැන හමුවන අංක 5 බිංගෙය අද්දර දී අලගල්ල කන්දේ නිරිත දිග බෑවුමට පිවිසෙන උඩරට දුම්රිය ඒ ඔස්සේ කිලෝ මීටර් හතරහමාරක දුරක් ගොස් එම කඳු වැටිය පසුකරයි. ඒ ඉහළ කෝට්ටේ දුම්රිය පොළට මඳක් එපිට දී හක්ඔළුවාව ඔයේ රේල් බෝක්කුව පසු කිරීමත් සමගිනි. එම දුර ප්‍රමාණය තුළ අලගල්ල කඳු බෑවුම ඔස්සේ මීටර් 95 (අඩි 309) ක පමණ උසක් ඉහල නැගීමට දුම්රියට සිදුවෙයි. මුහුදු මට්ටමින් මීටර් 1100 (අඩි 3586) ක් උසැති මුදුණිකින් යුතු මෙම කඳුවැටියෙන් තුනෙන් එකකට ආසන්න උසක් දක්වා උඩරට යන ගමනේ දී දුම්රියට ඉහළ නගින්නට සිදුවන බව යමකුට සිතා ගන්නට පවා අසීරු කරුණකි. හක්ඔළුවාව ඔයේ රේල් බෝක්කුව ප්‍රදේශයේ උස මුහුදු මට්ටමින් මීටර් 340 (අඩි 1108) කි.
1948 පෙබරවාරි 04 දින ලංකාවට නිදහස ලැබෙන බවට ආරංචිය රට පුරා පැතිර ඇත. අලගල්ල පාමුල එක්තරා ගමක මිනිසුන්ට මේ ‘නිදහස’ යනු කුමක්දැයි තේරුණේ නැත. අද මෙන් එදා කොළඹ පැමිණීම පහසු වූයේ ද නැත. එබැවින් ගම්මු පිරිසක් තීරණය කළේ නිදහස දෙන දින උදෙන්ම අලගල්ල නැඟ කොළඹ දෙස බලා සිටිය යුතු බවය. එවිට නිදහස දැකිය හැකි වනු ඇතැයි ඔවුහු සිතූහ.
ඔවුන් 1948 පෙබරවාරි 04 දින උදෑසනින් අලගල්ල නැඟ හවස් වනතුරුම කොළඹ දෙස බලා සිටිය ද කිසිදු විශේෂ දෙයක් දකින්නට ලැබුණේ නැත. අෙප්ක්ෂා භංගත්වයට පත් ඔවුන් හවස් යාමයේ කන්ද බැස නැවත ගමට ගිය විට සෙසු ගම්මු “හැබෑට උඹලා ඔය ලැබුණයි කියන නිදහස දැක්කද?” යැයි විමසූහ. එවිට කඳු නැඟි පිරිස “බුදු අප්පොච්චියේ දැක්කද කියලත් අහනවා. එහෙම නිදහසක් නම් අපේ උපන්තේකට දැක්කෙ නෑ” යැයි පිළිතුරු දී ඇත්තේලු. ඉන් අනතුරුව ඊළඟ නිදහස් දිනයේ පටන් සෙසු ගම්මු ද අලගල්ලට නිදහස බැලීමට නැඟ ඇත. මෙය පසුව පළාතේ සිරිතක් බවට පත්ව තිබේ.
#අලගල්ල, #යමුදරටවටේ, #පාරාදීසයේඅක්මුල්, ,
, ,
03/02/2021
කැළණිගං මිටියාවතේ අභිමානය කණ්ඩුල
19/01/2021
නුවරඑළියේ සංචාරය කරන ඔබ යා යුතුම ස්ථාන
18/01/2021
පොළොන්නරුව | අතීතයේ වංශ කතාව
18/01/2021
රූමස්සල ජපන් සාම චයිත්‍යය
17/01/2021
සිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණු ...
17/01/2021
'ඇල්ල' කිව්වාම ලංකාවෙ අපිටත් වඩා හොඳට දන්නෙ විදේශිකයො තමයි. ඒ තරම් සුන්දර නගරයක්නෙ ඇල්ල කියන්නෙ. කොළඹ ඉඳන් නම් කිලෝමීටර 200ට වැඩි දුරක් තිබුණට පැය 5න් 6න් යන්න පුළුවන්. කොහොම වුනත් නිවාඩුවක් ලැබුණ වෙලාවක ඇල්ල පැත්තෙ ගිහින් රවුමක් දාන අතරෙ මේ තැන් ටිකත් බලන්න අමතක කරන්න එපා.
16/01/2021
Dambulla Royal Cave Temple and Golden Temple (ඓතිහාසික දඹුල්ල රජ මහා විහාරය)