Sri Lanka Transport Board - SLTB
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Lanka Transport Board - SLTB, Government Organization, No. 200, Kirula Road, Colombo.
The SLTB is an Institution that makes a great contribution to the State sector through the provision of passenger transport services in Sri Lanka and plays a leading role among the State Institutions serving the public on all days of the year.
11/06/2026
අනුග්‍රාහකයින්ගෙන් අයදුම්පත් කැඳවීමයි...
පොදු ප්‍රවාහන සේවය තුළ සිදුවන කාන්තා හා ළමා හිංසන වැළැක්වීමේ දැනුවත් කිරීමේ ස්ටිකර් ව්‍යාපෘතිය සඳහා අනුග්‍රාහකයෙකු තෝරා ගැනීම.
ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන පොදු ප්‍රවාහන සේවය තුළ සිදුවන කාන්තා හා ළමා හිංසන, ලිංගික අතවර හා අපහසුතාවයන් අවම කිරීම සහ මහජනතාව දැනුවත් කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සතු ධාවනය වන සියලුම බස් රථ තුළ මගී දැනුවත් කිරීමේ ස්ටිකර් ප්‍රදර්ශනය කිරීමට නියමිතය.
මෙම ව්‍යාපෘතිය සඳහා මණ්ඩලයට කිසිදු මූල්‍යමය බරක් නොවන පරිදි, අදාළ ස්ටිකර් මුද්‍රණය සහ සැපයීම වෙනුවෙන් සුදුසු රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ අනුග්‍රාහක ආයතනයක් විනිවිදභාවයකින් යුතුව තෝරා ගැනීම සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.
📌 ව්‍යාපෘතියේ තාක්ෂණික විස්තර
ස්ටිකරයේ අන්තර්ගතය...
හදිසි ඇමතුම් අංක 109, 1938, 1929, 1955 සහ 1958 ඇතුළත් විය යුතුය.
කාන්තා හා ළමා ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ පණිවිඩ ඇතුළත් විය යුතුය.
භාෂාව
සිංහල
දෙමළ
ඉංග්‍රීසි
ස්ටිකරයේ ප්‍රමාණය
පළල : අඟල් 8
දිග : අඟල් 15
අනුග්‍රාහක ප්‍රචාරණ ඉඩකඩ
අනුග්‍රාහක ආයතනයේ ලාංඡනය සහ ආයතනික තොරතුරු ප්‍රදර්ශනය කිරීම සඳහා අඟල් 2 × 15 ප්‍රමාණයේ ඉඩකඩක් වෙන් කර දෙනු ලැබේ.
මුද්‍රණ ප්‍රමාණය
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සතු ධාවනය වන බස් රථ 5,000 සඳහා අවශ්‍ය ස්ටිකර් ප්‍රමාණය මුද්‍රණය කර සැපයිය යුතුය.
💰 මූල්‍ය කොන්දේසි
ස්ටිකර් සැලසුම් කිරීම, මුද්‍රණය කිරීම සහ සැපයීම සඳහා වන සියලු වියදම් අනුග්‍රාහක ආයතනය විසින් සම්පූර්ණයෙන්ම දැරිය යුතුය.
මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් කිසිදු මූල්‍ය දායකත්වයක් ලබා නොදෙනු ලැබේ.
📩 අයදුම්පත් කැඳවීම
මෙම සමාජ වගකීම් වැඩසටහන සඳහා දායක වීමට කැමති රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන, සංවිධාන සහ අනෙකුත් සුදුසු පාර්ශ්වයන් තම යෝජනා හා අයදුම්පත් පහත සම්බන්ධතා වෙත යොමු කරන ලෙස කාරුණිකව දැනුම් දෙනු ලැබේ.
📧 Email: [email protected]
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (SLTB)
ජනතාවගේ ගමනට විශ්වාසයේ නාමය..
11/06/2026
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (SLTB) වෙතින් අනුග්‍රාහකයින්ගෙන් අයදුම්පත් කැඳවීමයි....
කොළඹ පිටකොටුව මධ්‍යම බස් පර්යන්තයේ මගී ජනතාව දැනුවත් කිරීමේ සහ අවවාදාත්මක පුවරු නිර්මාණය කර සවිකිරීම සඳහා අනුග්‍රාහකයින් තෝරා ගැනීම.
කොළඹ පිටකොටුව මධ්‍යම බස් පර්යන්තය දෛනිකව විශාල මගී ජනතාවක් ගැවසෙන ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ප්‍රවාහන මධ්‍යස්ථානයකි. පර්යන්තයේ පිරිසිදුකම, විනය හා මහජන පහසුකම් නිසි පරිදි භාවිතය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මගී ජනතාව දැනුවත් කිරීමේ සහ අවවාදාත්මක පුවරු නිර්මාණය කර සවිකිරීම සඳහා සුදුසු අනුග්‍රාහකයින් තෝරා ගැනීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අපේක්ෂා කරයි.
මෙම ව්‍යාපෘතිය යටතේ පහත සඳහන් පුවරු නිර්මාණය කර ස්ථාපනය කිරීමට නියමිතය.
✅ අවිධිමත් ලෙස කසළ බැහැර කිරීම පිළිබඳ පුවරු
✅ වැසිකිළි සහ කැසිකිළි නිසි ලෙස භාවිතා කිරීමේ උපදෙස් පුවරු
✅ මගී විවේකාගාර භාවිතා කිරීමේ නීති රීති පුවරු
මෙම වැඩසටහන සඳහා දායක වීමට කැමති ආයතන, ව්‍යාපාරික ආයතන, රාජ්‍ය නොවන සංවිධාන සහ අනෙකුත් සුදුසු පාර්ශ්වයන් වෙතින් යෝජනා සහ අයදුම්පත් කැඳවනු ලැබේ.
මෙය දෛනිකව දහස් සංඛ්‍යාත මගී ජනතාව වෙත සමාජ වගකීම් සහිත පණිවිඩ රැගෙන යාමට මෙන්ම ආයතනික සමාජ වගකීම් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ලැබෙන වටිනා අවස්ථාවකි.
📩 උනන්දුවක් දක්වන පාර්ශ්වයන් තම යෝජනා සහ අයදුම්පත් පහත සම්බන්ධතා ඔස්සේ යොමු කරන ලෙස කාරුණිකව දැනුම් දෙනු ලැබේ.
📧 Email: [email protected]
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (SLTB)
ජනතාවගේ ගමනට විශ්වාසයේ නාමය....
See less
05/06/2026
ලෝක පරිසර දිනය වෙනුවෙන් සංරක්ෂණයේ වැදගත්කම අවධාරණය කරමින් සහ අනාගත පරපුර වෙනුවෙන් හරිත පරිසරයක් ගොඩනැගීමේ අරමුණින් පැවැත්වූ මෙම වැඩසටහනේදී ශාලිකා ක්‍රීඩාංගණ පරිශ්‍රයේ පැළ රෝපණය කිරීම සිදු කෙරිණි.
පරිසරයට හිතකාමී සමාජයක් බිහිකිරීම සඳහා එක් ගසකින් ආරම්භ වන මෙම වටිනා කාර්යය, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සමාජ වගකීම් ඉටු කිරීමේ තවත් වැදගත් පියවරක් ලෙස සටහන් විය.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ මෙම වැඩසටහන සඳහා වෘත්තීය සමිති සභාපතිවරුන්, වෘත්තීය සමිති නියෝජිතයින්, සමාජිකයින් සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
"අද ගසක් සිටුවමු – හෙට ලෝකය රැකගමු" 🌿
🌱💚
05/06/2026
June 5 is most widely known as World Environment Day, a global day dedicated to environmental awareness and action. It was established by the United Nations and has been observed annually since 1973.
04/06/2026
2026/06/10 වන දින පෙ.ව.10.30 ට ලංසු පත්‍රිකා විවෘත කරනු ලබයි...
නව සේවක විවේකාගාරය ඉදිකිරීම.
කොත්මලේ ඩිපෝව.
04/06/2026
ලංසු සදහා ආරාධනා කිරීම.
කිරිදිවැල බස්ගාලේ ඉහළ මාලයේ කඩකාබර 28 සදහා ජලය ලබා ගැනීම.
31/05/2026
දැන්වීමයි..
ගර්හිත කරන ලද අබලි නිලවාහන ටයර් (183) සදහා මිල ගණන් කැදවීම.
ටෙන්ඩර් අංකය - SLTB/TS/Scrap Tyers /40/2026
https://www.sltb.lk/notice/procurements - Download PDF Document
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the business
Telephone
Website
Address
No. 200, Kirula Road
Colombo
00500
Opening Hours
| Monday | 08:30 - 16:45 |
| Tuesday | 08:30 - 16:45 |
| Wednesday | 08:30 - 16:45 |
| Thursday | 08:30 - 16:45 |
| Friday | 08:30 - 16:45 |
