Wari Saubhagya - 5000 Tanks / Anicuts

Wari Saubhagya - 5000 Tanks / Anicuts

Share

A special attention has been given to the rural farming community who made a vital contribution to ensure the food security of the country.

State Ministry of Tanks, Reservoirs and Irrigation Development Related to Rural Paddy Fields is entrusted to revival of national economy by upgrading 5000 rural tanks and anicuts under Wari Saubhagya programme.

14/04/2022

අභිමානවත් දේශයක සාඩම්බර පුරවැසි ඔබට සතුට සෞභාග්‍ය පිරි සුබම සුබ නව වසරක් වේවා!



🇱🇰

09/04/2022

"වාරිසෞභාග්‍යා - වැවු අමුණු 5000ක් යලි පුබුදුවමු" වැඩසටහනට සමගාමීව දිවයින පුරා මත්ස්‍ය පැටවුන් මිලියන 05 ක් වැව් කරා මුදා හැරීමේ ජාතික වැඩසටහන.

මිරිදිය ධීවර කර්මාන්තය නගා සිටුවීම අරමුණ කරගත් දිවයින පුරා මත්ස්‍ය පැටවුන්
මිලියන 05 ක් වැව් කරා මුදා හැරීමේ ජාතික වැඩසටහන අනුරධපුර ඉපලෝගම - පල්ලේකාගමදී 2021.12.08 දින සිදුකිරීම.




🇱🇰

26/03/2022

සෞභග්‍යයේ දැක්ම අනුව, වාරි සෞභාග්‍යා පන්දහසක් වැව් අමුණු ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩ සටහනේ දෙවෙනි අදියර යටතේ, ඇතුගල්පුර සියක් වැව් එකවර ප්‍රතිසංස්කරණය කිරීම මාර්තු 30 වෙනිදා පෙරවරු දහයයි තිහට (10:30) යෙදෙන සුබ මුහුර්තයෙන් කොබෙයිගනේ- මහවැවේදී අගමැතිතුමන් අතින් ආරම්භ වන වගයි.

හෙළදිව සිරිලක ඉපැරණි වැව් අමුණු ඇලවේලි යළි ජීවය ලබා සෞභග්‍යවත් ආර්ථිකයක සහ වාරි සංස්කෘතියක නූතන උරුමක්කරුවන් වන්නට ඔබත් අප හා එක් වන්න.

මෙහෙයවීම ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව් ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
ගරු වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමා, ගරු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මැතිතුමා සහ රාජ්‍ය අමාත්‍ය ලේකම් කේ.ජී.විජේසිරි යන මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් අරලිය ගහ මැදුරේ සිට ගරු අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමන් මාර්ගගත තාක්ෂණය ඔස්සේ මෙම වැඩ සටහනට එක්වේ.

“ වැව් අමුණු අටුකොටු පුරවමු සරුසාර හෙට දිනෙක සුබසිහින දකිමු”




🇱🇰

Photos from Wari Saubhagya - 5000 Tanks / Anicuts's post 18/03/2022

"වැව් අමුණු 5000ක් සංවර්ධනය කිරීමේ “වාරි සෞභාග්‍යා” වැඩසටහන යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් වැව් අමුණු ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු මේ දිනවල කඩිනමින් සිදුවෙමින් පවතින අතර මේ යටතේ වැව් 50කට අධික සංඛ්‍යාවක් ප්‍රතිසංස්කරණය කරනු ලැබේ. මෙහිදී මූලික වශයෙන්,

▸ වැවේ ජල පෝෂක පද්ධතිය සං‍රක්ෂණය කිරීම,
▸ කාබනික පොහොර වශයෙන් භාවිත කළ හැකි ශාක වර්ග එහි වගා කිරීම,
▸ රොන්මඩ ඉවත් කර වැව සහ වැව් බැම්ම පිළිසකර කිරීම,
▸ වැව් සං‍රක්ෂණය,
▸ දියවර නිකුත් කිරීමේ පද්ධතිය සහ ජලය බෙදා හැරීමේ පද්ධතිය පිළිසකර කිරීම,
▸ ජල කළමනාකරණය ක්‍රමවත් කිරීම,

ක්‍රියාවට නැංවේ.
"




🇱🇰

11/03/2022

“වැව සහ ගම” සංකල්පයට නිසි වටිනාකම ලබා දෙමින්, පාරිසරික සමතුලිතතාව රැක ගනිමින්, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය නගා සිටුවීමේ මුඛ්‍ය පරමාර්ථය පෙරදැරිව, ග්‍රාමීය වැව්/අමුණු 5000ක් යළි පුබුදුවන “වාරි සෞභාග්‍යා” තිරසාර සංවර්ධන වැඩසටහනේ, පුත්තලම දිස්ත්‍රික්කයේ වැව් අමුණු ප්‍රතිසංස්කරණය මේ දිනවල සාර්ථකව සිදු කරමින් පවතී. මෙහිදී මූලික වශයෙන්,

▸ වැව පුනරුත්තාපනය කිරීම සහ එය ආර්ථික ඒකකයක් ලෙස සංවර්ධනය කිරීම.
▸ ඇලවේලි, ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය.
▸ වැවෙහි ධාරිතාවය ඉහළ නැංවීම
▸ ජල කළමනාකරණය ක්‍රමවත් කිරීම,
▸ වැව් ඉස්මත්ත සං‍රක්ෂණය කිරීම,




🇱🇰

02/03/2022

"අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිලිවෙල යටතේ, ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය විසින් ආරම්භ කර ඇති ‘‘වාරි සෞභාග්‍යා 5000 ක් වැව්/අමුණු පිලිසකර කර, වැව ප්‍රමුඛ ග්‍රාමය ආර්ථික ඒකකයක් ලෙස සංවර්ධනය කිරීම බලාපොරොත්තු වන අතර , ග්‍රාමීය වැව් 83ක් 2021 වර්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආරම්භ කර එයින් 31ක වැඩ 2021 වර්ෂය තුලදී සම්පූර්ණයෙන් අවසන් කර ඇත.
මේ සදහා ගොවිජන සංවර්ධන දෙපාර්තුමේන්තුව, පළාත් වාරිමාර්ග දෙපාර්තුමේන්තුව, වාරිමාර්ග දෙපාර්තුමේන්තුව හා ශ්‍රී ලංකා ඉඩ්ම් සංවර්ධනය කිරීමේ සංස්ථාව යන ආයතන වල සෘජු සහභාගීත්වය යොදා ගන්නා ලදී.
තවද මිරිදිය මත්සය වගාව ප්‍රචලිත කිරීම සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ තෝරාගත් වැව් 150 ක මිරිදිය මත්සයන් මිලියන 05ක් නිදහස් කිරීම සිදුකරන ලදී.
"





🇱🇰

04/02/2022

පුරාණ වැව් 5000ක් ප්‍රතිසංස්කරණය කිරීමේ "වාරි සෞභාග්‍යා" වැඩසටහනත් සමග සශ්‍රිකව පිබිදෙන පින්බර මෙම භූමියේ සිට මේ අභිමානයෙන් සමරනු ලබන්නේ, අප ආදී මුතුන් මිත්තන්ගේ ලෙයින්, කදුළින්, ජීවිත පුද දෙමින් ලබාගත් උත්තරීතර නිදහසේ 74වන ජාතික දිනයයි.🇱🇰

27/01/2022

වාරිසෞභාග්‍යා ග්‍රාමීය වැව්/අමුණු 5000ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ රජය ප්‍රධාන වශයෙන්ම බලාපොරොත්තු වන්නේ වැව යටතේ ගම්මානය ආර්ථික ඒකකයක් ලෙස සංවර්ධනය කිරීමයි, ඒ බව ගරු වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශ කරන ලද අතර තව දුරටත් සෑම කුඩා ග්‍රාමයකටම කුඩා වැවක් ප්‍රතිසන්සිකරණය කිරීමට බලාපොරොත්තු වන බවත් එමගින් ගම් වැසියන්ගේ සමාජීය, ආර්ථික හා අධ්‍යාපන සංවර්ධනයක් ඇති කිරීම රජයේ අපේක්ෂාවයි.


🇱🇰

18/01/2022

🟢 අතිගරු ජනාධිපති ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ දුරදක්නා සංකල්පකට අනුව ආරම්භ කරන ලද "වාරි සෞභාග්‍යා 5000ක් වැව් අමුණු ප්‍රතිසංස්කරණය"වැඩසටහන පිළිබදවත්, එහි මූලික අරමුණු හා වත්මන් තත්‍ත්වය පිළිබදවත් ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලේකම් ඉංජිනේරු අයිවන් ද සිල්වා මහතාගේ විස්තරාත්මක පැහැදිලි කිරීම.


මෙහිදී විශේෂයෙන්ම මෙම පුරාණ වැව් 5000ක් ප්‍රතිසංස්කරණය කිරීම තුළින් ගම ආර්ථික ඒකකයක් ලෙස සංවර්ධනය කිරීම පුමුඛ අරමුණ වන බවත්, ඒ සදහා වැව් ආශ්‍රිතව කර්මාන්තයන් හා යටිතල පහසුකම් සම්පාදනය තුළින් නව රැකියා අවස්ථා බිහිකිරිම පිළිබදවත්, සක්‍රීය ලෙසින් මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට රාජ්‍යය අමාත්‍යාංශය , වාරිමාර්ග දෙපාර්තුමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තුමේන්තුව, හා පලත් සභා තම දායකත්වය සකසන ආකාරයත් මෙහිදි එතුමා විසින් පැහැදිලි කර තිබේ.



🇱🇰

14/01/2022

🌿 කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැව් අමුණු බොහොමයක

▸ රොන්මඩ ඉවත් කිරීම,
▸ සොරොව් අළුත්වැඩියා කිරීම,
▸ පිටවාන නවීකරණය කිරීම,

ආදි වැඩකටයුතු ක්‍රමවත්ව වාරි සෞභාග්‍යයා 5000ක් වැව් අමුණු ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ සිදුවෙමින් පවතියි.

2021 වසරේ මුල් අදියර යටතේ ආරම්භ කල වැව් 30ක ප්‍රතිසංස්කරණය කටයුතු අවසන්ව පවතින අතර මෙම වසර සදහාද තවත් වැව් බොහොමයක යළි වැව් පුනුරුත්තාපනය කිරීම් ආරම්භ කිරීමට නියමිතයි.

මෙම ක්‍රියාවලියෙන් ගමේ වැව සමග බැදි කෘෂිකාර්මික ආර්ථිකය පුබුදුවාලීම අතිගරු ජනාධිපතිතුමන්ගේ "සෞභාග්‍යයේ දැක්ම" යටතේ වූ වාරි සෞභාග්‍යයා 5000ක් වැව් අමුණු ප්‍රතිසංස්කරණ වැඩසටහනේ මූලික අරමුණයි.





#ජයගමු
🇱🇰

13/01/2022

🌿 කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැව් අමුණු බොහොමයක
▸ රොන්මඩ ඉවත් කිරීම,
▸ සොරොව් අළුත්වැඩියා කිරීම,
▸ පිටවාන නවීකරණය කිරීම,
ආදි වැඩකටයුතු ක්‍රමවත්ව වාරි සෞභාග්‍යයා 5000ක් වැව් අමුණු ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ සිදුවෙමින් පවතියි.

2021 වසරේ මුල් අදියර යටතේ ආරම්භ කල වැව් 30ක ප්‍රතිසංස්කරණය කටයුතු අවසන්ව පවතින අතර මෙම වසර සදහාද තවත් වැව් බොහොමයක යළි වැව් පුනුරුත්තාපනය කිරීම් ආරම්භ කිරීමට නියමිතයි.

මෙම ක්‍රියාවලියෙන් ගමේ වැව සමග බැදි කෘෂිකාර්මික ආර්ථිකය පුබුදුවාලීම අතිගරු ජනාධිපතිතුමන්ගේ "සෞභාග්‍යයේ දැක්ම" යටතේ වූ වාරි සෞභාග්‍යයා 5000ක් වැව් අමුණු ප්‍රතිසංස්කරණ වැඩසටහනේ මූලික අරමුණයි.





#ජයගමු
🇱🇰

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


No. 11, Jawatta Road
Colombo
00700

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15