21/05/2026
වරාය අධිකාරියේ ආරක්ෂාව වෙනුවෙන් අඛණ්ඩව කැපවන නිලධාරීන්ගේ ශක්තිය, එකමුතුව සහ විනය විදහා දක්වන ආරක්ෂක කොට්ඨාශයේ අධ්‍යක්ෂකතුමන්‍ගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලබන වාර්ෂික පෙරට්ටුව 2026-05-19 හා 20 දෙදින මගී පර්යන්ත පරිශ්‍රයේදී පවත්වන ලදි.
එහි A මුරයේ ආරක්ෂක නිලයන්ගේ පෙරට්ටුව 2026-05-20 දින පැවැති අතර එම අවස්ථාවට අධ්‍යක්ෂක (ආරක්ෂක) එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) දිල්ෂාන් වාසගේ මැතිතුමන්, නියෝජ්‍ය ප්‍රධාන ආරක්ෂක කළමණාකරු සී.පී.පී.කේ ගමගේ මැතිතුමන් ප්‍රධාන ආරක්ෂක කොට්ඨාශයේ විධායක නිලධාරින් රැසකගේ සහභාගිත්වයෙන් පවත්වන ලදි.
එමෙන්ම සේවා ඇගයිමට ලක්වූ ආරක්ෂක නිලයන් සදහා සහතිකපත්‍ර ප්‍රධානයද මෙම අවස්ථාවට සමගාමීව සිදු කරන ලදි.
20/05/2026
අභිමානය, විනය සහ කැපවීම එකට එක්වූ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ආරක්ෂක කොට්ඨාශයේ අධ්‍යක්ෂකතුමන්‍ගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලබන වාර්ෂික පෙරට්ටුව 2026-05-19 හා 20 දෙදින මගී පර්යන්ත පරිශ්‍රයේදී පවත්වන ලදි.
2026-05-19 දින B මුරයේ ආරක්ෂක නිලයන්ගේ පෙරට්ටුව පැවැති අතර එම අවස්ථාවට අධ්‍යක්ෂක (ආරක්ෂක) එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) දිල්ෂාන් වාසගේ මැතිතුමන් ප්‍රධාන, නියෝජ්‍ය ප්‍රධාන ආරක්ෂක කළමණාකරු සී.පී.පී.කේ ගමගේ, ජේෂ්ඨ කළමණාකරු ආචාර්ය අචිනි විජේසේකර යන මහත්ම මහත්මින් ඇතුළු ආරක්ෂක කොට්ඨාශයේ විධායක නිලධාරින් රැසකගේ සහභාගිත්වයෙන් පවත්වන ලදි.
වරාය අධිකාරියේ ආරක්ෂාව වෙනුවෙන් අඛණ්ඩව කැපවන නිලධාරීන්ගේ ශක්තිය, එකමුතුව සහ විනය විදහා දැක්වූ මෙම අවස්ථාව සැමට අභිමානයක් එක් කළ අවස්ථාවක් විය.
08/05/2026
වසර 20කට අධික කාලයක් ශ්‍රී ලංකා වරාය අධිකාරියටත්, ආරක්ෂක කොට්ඨාශයටත් අනුපමේය සේවයක් ඉටුකර 2026-05-09 දින සේවයෙන් විශ්‍රාම යන ආරක්ෂක සැරයන් ඒ.එච්.එන් කුමුදු කුමාර මහතාට සේවා ඇගයීම් සහතික ප්‍රධානය අධ්‍යක්ෂක (ආරක්ෂක) තුමන් විසින් සිදුකරන ලදි.
08/05/2026
2026-05-09 දින සේවයෙන් විශ්‍රාම යන ශ්‍රී ලංකා වරාය අධිකාරියේ, ආරක්ෂක කොට්ඨාශයේ, ආරක්ෂක සැරයන් ඒ.එච්.එන් කුමුදු කුමාර මහතාට සුවබර විශ්‍රාම දිවියකට සුබ පැතුම් !
ආරක්ෂක කොට්ඨාශය - ශ්‍රී ලංකා වරාය අධිකාරිය
30/04/2026
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ආරක්ෂක කොට්ඨාශයේ නව පත්විම් ලැබු සහකාර ආරක්ෂක අධිකාරිවරුන් සේවාස්ථ පුහුණුවෙන් පසු සිය රාජකාරි ස්ථාන වෙත විසිරයාමේ උත්සවය 2026-04-30 වන දින වරාය ආරක්ෂක පුහුණු පාසල් පරිශ්‍රයේදී අධ්‍යක්ෂක (ආරක්ෂක) එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) දිල්ෂාන් වාසගේ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.
එමෙන්ම, එම අවස්ථාවට නියෝජ්‍ය ප්‍රධාන ආරක්ෂක කළමණාකරු සී.පී.පී.කේ ගමගේ මැතිතුමන් ඇතුළු ආරක්ෂක කොට්ඨාශයේ නිළධාරින් පිරිසක් සහභාගි විය.
29/04/2026
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ආරක්ෂක කොට්ඨාශයේ නිල Facebook පිටුව www.facebook.com/SLPASecurity Follow කර ආරක්ෂක කොට්ඨාශයේ යාවත්කාලින වන නව තොරතුරු දැනගැනිමට ඇති අවස්ථාව උදාකරගන්න.
28/04/2026
එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ ආයතනයේ (UNODC) පරිත්‍යාගයකට අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත ලබාදුන් මත්ද්‍රව්‍ය ස්කෑනර් යන්ත්‍ර ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙනුවෙන් ගරු සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක මැතිතුමන් විසින් 2026-04-24 වන දින භාරගෙන, එම යන්ත්‍ර ආරක්ෂක කොට්ඨාශය වෙත නිල වශයෙන් භාරදීම වරාය ලේකම් කාර්යාල පරිශ්‍රයේදි පැවැත්විනි.
එම අවස්ථාවට අධ්‍යක්ෂක (ආරක්ෂක) එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) දිල්ෂාන් වාසගේ, විශේෂ විමර්ශන ඒකක ප්‍රධානි කපිතාන්. එච්.එස්. වීරසූරිය, කළමනාකරු (ආරක්ෂක) කේ.පී.කේ.පී. පතිරණ, සහ සහකාර කළමණාකරු ඒ.එල් කමල්ඩීන් යන මහත්වරුන් සහභාගි විය.