18/06/2026
දෙවන ආසියානු පැරා ත්‍රෝබෝල් තරඟාවලියෙහි අනුශූරතාව ශ්‍රී ලංකාවට
දෙවන ආසියානු පැරා ත්‍රෝබෝල් තරඟාවලිය 2026 ජුනි මස 02 සිට 07 දක්වා මැලේසියාවේ ක්වාලාම්පුර් හි දි පැවැත්වු අතර ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කල රණවිරුවන් ක්‍රියාන්විත කාල වකවානුවේ ඉඳුරාම ක්‍රියාන්විත රාජකාරි සඳහා සහභාගී වු රණවිරුවන් වේ. එම තරඟය සඳහා කාම්බෝජය, ඉන්දියාව, ශ්‍රී ලංකාව, මැලේසියාව, බංගලාදේශය හා ඉන්දුනීසියාව යන රටවල් සහභාගි වු අතර, එම තරඟාවලියේ අනුශුරතාව ලබා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කල රණවිරුවන් හට අවස්ථාව උදා විය. 2026 වර්ෂය සඳහා එක් රණවිරුවකුට රු. 100,000.00 බැගින් රණවිරුවන් 10 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ 10 ක ගුවන් ටිකට් පත් ලබාදෙන ලදී.
එම අනුශූරතාවය ලබාගත් රණවිරුවන් රණවිරු සේවා අධිකාරියේ සභාපති හමුවීම සඳහා 2026 ජූනි මස 16 වන දින රණවිරු සේවා අධිකාරිය වෙත පැමිණෙන ලදී.
මෙම හමුවීම රණවිරු සේවා අධිකාරියේ සභාපති, අධ්‍යක්ෂ ඇතුළු කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සහ රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ, සහභාගීත්වයෙන් යුතුව පවත්වන ලදී.
21/05/2026
2026 ජාතික රණවිරු සැමරුම අභිමානවත් අයුරින් සමරයි
මව්බිමේ ඒකීයභාවය, භෞමික අඛණ්ඩ්‍යතාවය හා සාමය රැකගැනීමේ උදාර යුග මෙහෙවරේදී දිවි දුන් විරෝධාර රණවිරුවන් සදා අනුස්මරණය කරනු පිණිස ජාතික රණවිරු සැමරුම 17වන වරටද ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඉතා අභිමානවත් ලෙස පවත්වන ලදි.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික), මහජන ආරක්‍ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල, ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික), ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස් රෝෂාන් ගුණතිලක සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පති තුමාද, මව්බිම වෙනුවෙන් දිවි පිදු රණවිරුවන්ගේ ළඟම ඥාතීන් ඇතුලුව රණක්‍ෂිතයට පත් රණවිරුවන්ද මෙම චාම් අභිමානවත් උත්සවයට සහභාගි වන ලදි.
ආරක්‍ෂක අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ රණවිරු සේවා අධිකාරීයේ සභාපති තුමා ඇතුළු කාර්යය මණ්ඩලය විසින් ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සහ ශිෂ්‍ය භට බලකායේ සහයෝගය සහ දායකත්වය මත මෙම උත්සවය සංවිධානය කරන ලදි.
19/05/2026
National War Heroes' Day 2026 || ජාතික රණවිරු සැමරුම 2026 | 2026-05-19 | Rupavahini Live
National War Heroes' Day 2026 || ජාතික රණවිරු සැමරුම 2026 | 2026-05-19 | Rupavahini LIVE
ජාතික රණවිරු සැමරුම 2026 © 2026 by ChannelEye RupavahiniAll rights reserved. No part of this video may be reproduced or trans...
14/05/2026
ජාතික රණවිරු දින සැමරුම් උත්සවය - 2026 විශේෂ මාධ්‍ය හමුව
🔴Live | ජාතික රණවිරු දින සැමරුම් උත්සවය - 2026 විශේෂ මාධ්‍ය හමුව
🔴 Live | ජාතික රණවිරු දින සැමරුම් උත්සවය - 2026 විශේෂ මාධ්‍ය හමුවFor the latest Asian Mirror programmes and more updates, visit https://sinhala.asianmirror....
23/04/2026
රණක්ෂිතයට පත් රණවිරුවන් සදහා විද්‍යුත් රෝද පුටු ප්‍රධානය කිරීම
ක්‍රියාන්විතයේදී තුවාල ලබා රණක්ෂිතයට පත් රණවිරුවන් දස දෙනෙක් උදෙසා රණවිරු සේවා අධිකාරිය විසින් විද්‍යුත් රෝද පුටු දහයක් ප්‍රධානය කිරීමේ වැඩසටහනක් රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2026 අප්‍රේල් මස 09 වන දින රණවිරු සේවා අධිකාරීය ශ්‍රවනාගාරයේදී පවත්වන ලදි. මෙම විද්‍යුත් රෝද පුටුව සඳහා ප්‍රථිපාදන රාජ්‍ය මූල්‍ය ප්‍රථිපාදන යටතේ ලබා දී ඇත.
මෙහිදී විද්‍යුත් රෝද පුටුව භාවිතා කලයුතු රණක්ෂිතයට පත් රණවිරුවන් හා රණවිරුවන් රැකබලාගන්නා ඥාතීන් වෙත, විද්‍යුත් රෝද පුටු බෙදාහරින ආයතන විසින් විද්‍යුත් රෝද පුටුවේ ක්‍රියාකාරීත්වය හා නඩත්තුව සම්බන්ධයෙන් මාර්ගෝපදේශ ලබාදීමේ වැඩසටහනක් ද එදින සංවිධානය කරන ලදි.
මෙම වැඩසටහන රණවිරු සේවා අධිකාරියේ සභාපති, උප සභාපති, අධ්‍යක්ෂ ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලුම සාමාජිකයින් සහ රණක්ෂිතයට පත් රණවිරුවන්, රණවිරු බිරින්දෑවරුන් සහ ඔවුන්ගේ ළඟම ඥාතීන්ගේ සහභාගීත්වයෙන් යුතුව පවත්වන ලදී.
17/11/2025
රණවිරු සේවා අධිකාරිය විසින් පරිගණක හා පරිගණක උපකරණ, ලැප්ටොප් සහ ටැබ් යන්ත්‍ර මිලදී ගැනීම.
12/11/2025
“විරුජය” විදේශ රැකියා ප්‍රවර්ධන වැඩසටහන
රණවිරු සේවා අධිකාරිය විසින් දිවිපිදූ රණවිරුවන්ගේ හා රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ දූදරුවන් වෙනුවෙන් “විරුජය” විදේශ රැකියා ප්‍රවර්ධන වැඩසටහනක් රණවිරු සේවා අධිකාරියේ ප්‍රධාන ශ්‍රවනාගාරයේ දී 2025/11/10 වන දින ඉතා සාර්ථකව පවත්වන ලදී.
මෙහිදී කොළඹ, කළුතර සහ ගම්පහ යන දිස්ත්‍රික්ක ත්‍රිත්වය ආවරණය වන පරිදි වෘත්තීමය සුදුකම් ලබා ඇති හා NVQ පාඨමාලා හදාරා ඇති රණවිරුවන්ගේ දූ දරුවන් වෙනුවෙන් විදේශ රැකියා අවස්ථාවන් ලබාදීම උදෙසා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ මැදිහත්වීමෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් සහ වටිනා දේශනයක් පවත්වන ලදී.
සම්මුඛ පරීක්‍ෂණයෙන් පසු ජපානය සඳහා 3 දෙනෙකු හා කොරියාව වෙත රැකියා අවස්ථා 4 දෙනෙකු වෙත ලබාදෙන ලද අතර ඉදිරියේ දී රැකියා රක්ෂා ලබාදීම සඳහා දැනට විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් දැනට ඊශ්‍රායලය, ජපානය, කොරියාව සඳහා ඇබෑර්තු ඇති බැවින් ජපානය, කොරියාව සඳහා භාෂා ප්‍රවීනත්වය ඇති අයවළුන් සහ ඊශ්‍රාලය සඳහා සාමාන්‍ය ඉංග්‍රීසි භාෂාව ඇති අයවළුන් හට අයදුම් කල හැක. පහත සඳහන් වෙබ් අඩවියට ගොස් ඉඳුරාම අයදුම්පත් ඉදිරිපත් කරන ලෙස දන්වා සිටිමි.
WWW.Slbfe.lk
මෙම වැඩසටහන සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අලෙවි කළමණාකාර රසික සිරිසේන මහතා සහ කාර්යය මණ්ඩලය, රණවිරු සේවා අධිකාරියේ සභාපති, උප සභාපති, අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධ්‍යක්ෂකවරුන්, කොළඹ හා ගම්පහ දිස්ත්‍රික් නිලධාරින්, රට දැය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ගේ බිරින්දෑවරුන්, ආබාධිත හා රණක්ෂිතයට පත් රණවිරුවන් සහ රණවිරු දූවාදරුවන් 160 ක් මෙම වැඩසටහන සඳහා සහභාගී වන ලදී.
21/10/2025
“රසෝගය” වැඩසටහනක් ගම්පහට.
ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කොට ගනිමින් ''රසෝගය" 2025 ප්‍රසාංගික වැඩසටහන 2025 ඔක්තෝබර් මස 15 වන දින ගම්පහ නගර සභා ශාලාවේදී ඉතා සාර්ථකව පවත්වන ලදී.
මෙම ප්‍රාසාංගික වැඩසටහනේ ජන ගීත, නාට්‍ය, චිත්‍රපට ගීත, කෝලම් ගීත, ගායන හා නර්තන යන විවිධ අංග ඉතා සාර්ථකව පැවැත්වූ අතර එය ඉදිරිපත් කරන ලද්දේ රණවිරුවන් හා ඔවුන්ගේ ලඟම ඥාතීන් පමණක් වීම මෙහි විශේෂත්වයක් කොට සැලකිය හැකිය.
මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමා, මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික නිලධාරි සුභාෂි නාත්තන්ඩියගේ මහත්මිය, ගම්පහ සහ කොළඹ වැඩසටහන් නිලධාරින් සහභාගී වූ අතර, රණවිරුවන් හා රණවිරු පවුල් සාමාජිකයන් 150 පමණ සහභාගී වන ලදී.
03/10/2025
ලංසු ආරාධනය (IFB)
රණවිරු සේවා අධිකාරිය විසින් ආබාධිත රණවිරුවන් සඳහා රෝද පුටු 75ක් මිලදී ගැනීම
25/09/2025
“විරුලිය” කාන්තා සවිබලකරන වැඩසටහන - මහනුවර දිස්ත්‍රික්කය.
රණවිරු සේවා අධිකාරිය විසින් දිවිපිදූ රණවිරුවන්ගේ හා රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ භාර්‍යාවන්, මව්වරුන්, දියණිවරුන් උදෙසා පවත්වන “විරුලිය” කාන්තා සවිබලකරණ වැඩසටහන් මාලාවේ මහනුවර දිස්ත්‍රික් වැඩමුලුව 2025/09/24 වන දින මහනුවර තරුණ බෞද්ධ සංගම් ශ්‍රවණාගාරයේදී ඉතා සාර්ථකව පැවැත් වුනි. මේ සදහා මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් විරුලියන් 108 දෙනෙක් සහභාගී විය.
මහනුවර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්‍යාලයේ වෛද්‍ය අශ්විනී සෙනවිරත්න මහත්මිය, ජ්‍යේෂ්ඨ මනෝවිද්‍යා උපදේශක සංජය හලන්ගොඩ මහතා, පොලිස් සේවාස්ථ පුහුණු කොට්ඨාශයේ උප පොලිස් පරීක්ෂක රෝහිත චන්ද්‍රලාල් මහතා විසින් සම්පත්දායකත්වය ලබාදෙන ලදී. වැඩසටහන මෙහෙයවීම රණවිරු සේවා අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ළහිරු රාජනායක මහත්මිය හා මහනුවර දිස්ත්‍රික් නිලධාරී අරෝෂා කරුණාරත්න මහත්මිය විසින් සිදුකරන ලදී.
මෙහිදී කාන්තාවන්ගේ කායික යහපැවැත්ම වැඩිදියුණු කරගන්නේ කෙසේද හා කාන්තා රෝග පිලිබදව දැනුවත්කිරීම, මානසික ආතතියෙන් තොර ජීවිතයක් සදහා මනෝවිද්‍යාත්මක මගපෙන්වීම, වත්මන් සමාජයේ කාන්තාවන් මුහුණ දෙන සාමාජීය ගැටලු සදහා නීතිමය සහාය යන මාතෘකා ආවරණය කරමින් දැනුවත් කිරීම් සිදුවිය.
එසේම 2025 දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත දක්ෂතා එළිදැක්වීමේ උළෙල සදහා ඉදිරිපත්වන විරුලියන්ගේ දක්ෂතා හදුනාගෙන වර්ගීකරණය කිරීම හා දක්ෂතා එළිදැක්වීමේ උළෙල පැවැත්වීමට අදහස් කරන ආකාරය පිළිබදව පැහැදිලි කරදීමත්, අදහස් හා යෝජනා සාකච්ඡා කිරීමත් මෙහිදී සිදුවිය. ඉතා උද්යෝගීමත්ව ගායන හා නර්ථන ප්‍රසාංගික අංගයන් ඉදිරිපත් කිරීම මගින් වැඩමුළුව රසගැන්වීමට විරුලියන් කටයුතු කරන ලදී.