06/01/2023
සමහර කෙල්ලෝ ඉන්නවා 😌❤️🌸
අම්මා කෙනෙක් වගේ තමන්ගෙ කොල්ලව පරිස්සම් කරන....😌🖤🌍
කොච්චර වැරදි කරත්
බැනලා බැනලා
ආයෙම ලගට තුරුල් කරගෙන ආදරේන් ඒ
දේවල් කියලා දෙන....😌❤️
අසනීපයක් උනාම
කෑවද බිව්වද
බෙහෙත් ගත්තද කියලා අහ අහා
හැම තප්පරේම
හැම විනාඩියෙම
හැම පැයේම
පිස්සුවෙන් වගෙ හිතින් හිත හිත දුක් විඳින....🥺❤️
උඹේ ප්‍රශ්න ඒකිගෙ කරගෙන
ඒවාට උත්තර හොයන්න
උබත් එක්කලම ඉන්න....🥺❤️
උබත් එක්ක කොච්චර කොහෙ ඇවිදින්න ගියත්
උබේ අතින්ම අල්ලගෙන පරිස්සමින් එක්කගෙන යන....😌❤️
ඒකිගෙ හිත කොච්චර සිනිඳු උනත්
උඹ කොච්චර ඒකිට නපුරු උනත්
ඉවසලා ඉවසලා ඉවසන්න බැරි තැනත් ඉවසලා
උබේ ලඟ හුරතලෙන් ඉන්න උත්සහා කරන.....😌❤️🌸
අම්මා තාත්තාට පවුලෙ අයට පස්සෙ උඹවම විතරක්
ජීවිතේ කරගත්ත....🙂🖤🌸
උඹේ මත්තෙම නැහීගෙන
උඹටම විතරක් ආදරේ කරගෙන🤗
උඹ වෙනුවෙන්ම ජීවත් වෙන...❤️
ඔව්...!
මේ වගෙ ගැහෑණු හිත් අද හොයාගන්න හරි අමාරුයි
දැන් සමාජෙදිනම්....😒🤧
උඹ ඒකිට කොච්චර ආදරේ උනත් උඹ ඒකිට මොන සුරඟනා කතා කිව්වත් ඒකිගෙ ලිමිට්ස් තියාගෙන උඹවත් කන්ට්‍රෝල් කරන් ඉඳී හැමෝගෙම ආශිර්වාදෙත් එක්ක එක ගේකට එනකම්...🙂❤
කසාද බඳිනකම් පොඩි එකෙක් වගේ බලාගෙන
පරිස්සමින් කරන්නෙ
ඇත්තම ආදර කතාවක් විතරයි බන්..🥺❤️🌍
දෙයක් කියන්නම්
උඹට හම්බුනොත් ඔය වගෙ කෙල්ලෙක්
රැකගනින් උඹේ මොන දේ නැති වුනත්...🥺🖤🌍
ලස්සන , සල්ලි දවසක හම්බකරන්න පුළුවන්
ඒත් ආදරේ හම්බකරන්න බෑ🙂❤️
සමහරවිට ඒ වගෙ කෙල්ලෙක් හම්බුනොත්
මේ ලෝකෙ ඉන්න පිංවන්තම කොල්ලත් උඹ වේවි 🌸🖤🥺 හරියට මේ මං වගේ 😍
Copied
30/12/2022
ඔබත් ලිප් කිස් කරන්න කැමති කෙනෙක් නම් මේ ලිපිය අනිවාර්යයෙන් කියවන්න..
මනෝවිද්‍යා උපදේශක කෙනෙක් හැටියට සහ පවුල් උපදේශනය කරන කෙනෙක් හැටියට මම දැකපු අහපු සහ ඉගෙනගත්ත දේවල් ඇසුරු කරගෙන තමයි මේ ලිපිය ලියන්නෙ..
කිස් කරන්න අපි කවුරුත් කැමතියි.. ඒ අතරින් සමහරු ගොඩක්ම කැමතියි ලිප් කිස් කරන්න.. ලිප් කිස් කරන එකේ සවුක්‍ය වාසි අවාසි වගේම සමාජ මය වාසි අවාසිත් තියනව .. ඒ වගේම මානසික වාසි අවාසිත් තියනව..
ඔබ ප්‍රසිද්ධ තැනක ලිප් කිස් කරනවනම් ඔබව මානසික ප්‍රශ්නයක් තියන කෙනෙක් විදිහට සමාජයේ අය දකින්න ඉඩ තියනවා.. ඒ වගේම ඔබ ලිප් කිස් කරනකොට ඔබට ඇතිවන සවුක්‍ය අවාසියක් තමයි ලිපේ අලු ඔබගේ නහයට ඇතුල් වීමෙන් ඔබගේ පෙනහලු වලට යම් යම් ප්‍රශ්න එන එක.. ඔබ ඔබගේ නිවසේ තියන ලිප කිස් කරනවා නම් ඉතින් අලු ටික ඉවත් කරලා කරන්න පුලුවන්. අනිත් එක තමා ලිපක ගින්දර නිවිලා තිබුනත් ගිනි අඟුරු තියෙන්න පුලුවන් නිසා ඒවට ඔබගේ කට පිච්චෙන්න පුලුවන්.. ඒ ප්‍රශ්න වලක්වාගන්න නම් ඔබට ගෑස් ලිප් කිස් කරන්න පුලුවන් ඒත් ගින්දර නිවපු ගමන් ගෑස් ලිපේ තහඩුවේ දැඩි රස්නයක් තියෙන නිසා ඔබගේ දෙතොලට හානි වෙන්න පුලුවන් .. ගෑස් ලිප් විකුනන තැනක නම් ඒ ආයතනයෙ අයගෙ අවසරය ඇතිව ඒ ලිප් කිස් කරන්න පුලුවන්.. ඔබගේ ගෙදර තියෙන්නේ දර ලිපක් නම් සහ ඔබගේ නිවසේ සුරතල් පූසන් සිටිනවා නම් ඔබ උදේට ලිප් කිස් කරන්නෙ කල්පනාවෙන්.. මොකද පූසන් ලිපේ අලු වල මලපහ කරන නිසා ඒවා ඔබගේ දෙතොලේ තැවරෙන්න ඉඩ තියන නිසා.. ඔබ බූමිතෙල් ලිප් කිස් කරනවා නම් ඉතින් ඔබෙගේ තොල් වල බූමිතෙල් තැවරිලා යම් යම් ආසත්මික තාවන් ඇති වෙන්නත් ඉඩ තියනවා..
ඔබ අදින් පස්සෙ ලිප් කිස් කරනවානම් මම මේ කියලා දුන්න කරනු මතක තියාගෙන කරන්න... ස්තුතියි
14/12/2022
බිරිඳ මානසිකව සතුටින් තියාගෙන ඒ ආදරය ලීංගීකත්වයට පෙරලගත්තාම....
ඒ ආදරය සදාතනිකයි....
කීව් ටෙක්ස් ටිකක් ගාන්න....
ලිප්ස්ටික් ටිකක් ගාන්න....
කොන්ඩේ චුට්ටක් බදින්න....
එයාට මෙන්සස් දවසට ඇදට වෙලා ඉන්න කියලා කෑම ටික උයන්න....
එයාට කෑම ටිකක් රසට අනලා කවන්න....
ලස්සන ඇදුමක් ගෙනත් ඇගට තියලා ඔයාට මෙක හරිම ලස්සනයි කියලා එයාව සතුටින් තියන්න....
ඔය පුංචි බන්ඩිය ආවම අතින් අල්ලාගෙන
සද ඇති රෑයක පරිස්සමින් තුරුළු කරගෙන ඇවිද්දවන්න.....
කොයිතරම් නම් තියෙනවා ද එයා ආදරය දිනාගන්න....
රැවුලක් තිබ්බට වැඩක් නැහැ පවුලක් ආදරයෙන් බලාගන්න බැරිනම් කොල්ලෙක්ට....
කොල්ලෙක් වුනාම කොන්දක් නැති වෙන්නේ තම ගෑණිව පිට එවුන්ට පාවලා වචන කියනවානම්....
නින්දා අපහාස කරනවානම්....
වැඩ කාරියක් වගෙ තියාගන්නවා නම්
කෙලම් තියනවානම්....
තමන්ට ගෑණියෙක් ඉන්නකොට පිට ගෑණු ගැන හිතනවානම් එතනයි වරද.....
ආදරයකට කරන්න බැරි කැපවිමක් නැහැ....
කොහොමත් බිරිඳව බලාගන්න ඕන....
දුවෙක් බලාගන්නවා වගෙ වෙලාවකට....
පරිස්සම් කරලා ආරක්ෂා කරලා...
අසනීපයක් වුනොත් කවලා පොවලා නාවලා
ආදරය කියන්නේ ආදරය කරනවා කියන්නේ පිනක් මිසක් තමන්ගෙ තත්වය පහත දැමිමක්වත් ගෑණි මිනිහටයි මිනිහා ගෑනිටයි එකට එක කරනවාට නෙවෙයි....
මම දන්නේ නැහැ මගෙ අදහස විවෘතව කිව්වේ බයත් නැහැ විවෙචන අදහස් බාර ගන්නවා....
මම හිතන විදිහ වැරදි වෙන්න පුළුවන් ඒත් කාටවත්ම බැහැ ඒ විදිය වෙනස් කරන්න....
මම බදින කෙල්ල ඇදුම් පවා මම හොදනවා එයාට අසනීප කරදර වුනාම....
උයලා කන්නත් දෙනවා අසනීප දවසට...
යන්න කලින් පිං කරගන්න පුළුවන් විදි විවිධාකාරයි...
ආදරයත් පිනක්...
ලැබෙන දෙට වඩා අපි දෙන දෙයයි වැදගත්...
11/12/2022
සම්බන්ධතාවයක සෑම විටම අදියර 3 ක් ඇත:
පළමුවැන්න නම්,
සෑම දෙයක්ම හොඳින් සිද්ධවෙන කාලයයි, මෙම කාලය තුල සියලු දේ සුන්දරව ගලායන අතර, බැඳීම ගැටලුවලින් තොරවෙයි...හැමදේම හොඳින් සිදුවන වග අපට හැඟෙන්නේ මෙම කාලය තුලයි.
දෙවැන්න නම්,
ඔබ අනිකාගෙ අඩුපාඩුකම් තේරුම් ගැනීමට පටන්ගන්නා කාලයයි, මෙම කාලය තුලදී හේතුවක් නැති අඩදබර ඇතිවේ, ( මිනිසුන් සෑම විටම දේවල් නිවැරදි කිරීමට වඩා අත්හැරීමට කැමති නිසාවෙන් මෙම අදියර වඩාත් දුෂ්කර වේ)...තේරුම් නොගන්නා මිනිසුන් මගහැරෙන්නේ මේ කාලයේදිය.
අවසාන වශයෙන්,
වඩාත්ම සුන්දර වන්නේ තුන්වැන්නයි,
කෙනෙකුගේ අඩුපාඩුකම් සම්පූර්ණයෙන් තේරුම් ගැනීමෙන් පසුවත් ඔබ ඔවුන්ට සැබැවින්ම ප්‍රේමකරන්න හුරුවන්නේ මේ කාලයේය, බහින්බස්වීමෙන්,රණ්ඩු සරුවල් ඇතිකරගැනීමෙන් හෝ හිත රිදෙන වචන නොකියාම ප්‍රශ්න විසඳීමට ඔබ ඉගෙනගනු ඇත , ඔබ සැබවින්ම ප්‍රේමය යනු කුමක්දැයි වටහාගන්නේ මේ කාලයේදිය ❤️
23/11/2022
මං දන්නවා මේ බැඳීම අයිතිවාසිකම් විරහත බව...
ඒත් මේ ගෙවෙන හැම තත්පරයකම ගෙවිලා යන්නේ ඔයාව බලාපොරොත්තුවෙන්...
මං ලඟ ඉන්න කියලා මං මොන හේතුවකටවත් ඔයාට බල කරන්නේ නෑ...
හැබැයි හැම තැනකම මට ඔයාව හුඟාක්
ඕන... 🥺❤️
මොන දේ සිද්ධ වුනත් මං තාමත් ඔයාගෙන් ඉල්ලන්නේ මෙච්චරයි...
" පුළුවන් හැම වෙලාවකම මට කතා
කරනවද...? "
ඔයාට පුළුවන්ද මේ හිත නොසන්සුන් හැම මොහොතකම මාව අහන් ඉන්න...? 🥺❤️
රිදෙන හැම තැනකටම මට ඕනි
එච්චරයි...!🥺❤️🌻
17/11/2022
හිමි නොවන බව දැන
බලා හිද දිවිතුරා මම
ඔබේ සතුට දැක
නිහඩව සතුටු වෙමි
ආදරේ නිසා නුබට තව
✍️ P2R.Shadow
04/11/2022
මැණික...
කුණු ගඳ ගහන ලේ
පෝයකට පාරක් පිට දාද්දී
#අප්පිරිය උනා නේද..
ආදරේ කරන මාවත් උඹට පේන්න බැරි තරමටම..
කකියනකොට අල්ලගෙන..
"ඉවසන්න බෑ අයියේ"
කියලා කෑ ගහද්දී,
දරාගන්න බැරි උනා මටත් උබේ #වේදනාව... 🥺❤️
පොඟවන්නම් රෙදි කඩකින්
උනුවතුර ගෙන යටිබඩ,
සියුමැල්ලෙන් වේදනයි නම් #කියපන් හොදද මට...🤍🍃
එපා කෑම හදන්න උබ ඒ දවස් ටිකට..
උබ ආසම මොනද
කොහෙන් හරි ගෙනල්ල දෙන්නම් ලගට මම... 😚❤️
පැත්තකට දැම්මත්
වෙන පිරිමින් එදාට උන්ගෙ ගෑණිව..
මැණික..!
උබ වරෙම් මගෙ පපු තුරුලට..
සිබින්නම් තොල් පෙතිත්
මම හරි #පරිස්සමට... 🥰❤️
සමහරු කියයි මෙහෙම කොල්ලො නෑ
මේක වචන වලට විතරක් සීමා වෙලා කියලා
ඒත් මේක ලිව්වෙ මගෙ #හදවතින්ම
මමත් කොල්ලෙක්
වැරදි ඇති මම නොදන්න..
එහෙම උනොත් සමාවෙන්න..‼️
මේම කොල්ලෝ හිඟයි තමයි
ඒත් සොයාන්නාට හම්බවෙනවා කියලා කතාවක් තියෙනවා... 😊🌼
මටත් කෙනෙක් හිටියනම් 🥺😊💔🥲
මගේ එකීගේ වේඳනාව හඳුනන
මාත් පිරිමියෙක්... 🙂🖤
@මදූ
19/10/2022
🙃❤
* කාලයක් යද්දි ඔයාට මාව එපා වෙයි නේද!?
- නෑ එහෙම නෑ.
* එහෙම වෙනවා ඕනම දෙයක්.. පේර කෑල්ලක් උනත් එකදිගට කද්දි එපා වෙනවා.
- එහෙම වුනොත් මං ලුණු ටිකක් එක්ක කනවා..
* එහෙමත් එපා උනොත්!
- මිරිස් කුඩු ටිකක් දාගන්නවා.
* එහෙමත් එපා වෙයි..
- සීනි ටිකකුත් දාගන්නවා.
* ඇයි එහෙම කරන්නෙ ඉතින්! ඔයාට ඇපල් කන්න පුලුවන් නේ!?
- මට හැමදාම ඕන පේර කන්න.
* ඇයි ඒ!?
- ඒකට තමයි ආදරේ කියන්නෙ.
"පලතුර මාරු කරන්න එපා.
එපා වෙන හැමතැනම රස වෙනස් කරගන්න.
@මදූ
01/10/2022
+ උබ තාමත් කතා කරනවද ඒකිට ...
_ හ්ම්ම් ඔව් බං 🙂
+ ලැජ්ජා නැද්ද උබට තවත් වැද වැටෙන්න ...
_ ඇයි මොකටද
+ උබව එපා කියලා ගියාපු ඒකිට
තවත් කතා කරන්න ......
උබ කොච්චර විදෙව්වද කියලා වත් ඒකි
දන්නවද බං....
_ මම මොකටද බං ලැජ්ජා වෙන්නේ මගේ ඒකි ලග වැද වැටෙන්න .....
ජීවිතේ අපි ප්‍රාර්ථනා කරන හැමදේම
හිමිවිම විතරක් නෙමෙයි ,
අහිමිවීමුත් ජීවිතේට ලැබෙනවා...
+ ඉතින්...
_ මට ඔනි නෑ
සංසාරෙ පුරාවට වයිරක්කරායෙක් වෙන්න ..
ලැබුනත් දරාගන්නවා
නොලැබුනත් දරාගන්නවා
+ ඉතින් කතා කරාද දැන්...
_ නෑ 🙂
ඇයට හිතුනම රිප්ලයි එකක් දායි
+ හිත රිදෙගන්නැතුව ඉන්න බැ නේද උබට ....
_ගිනිකදුවල
අමුතුවෙන් ඇවිලෙන්න දෙයක් තියනවද බං 🙂....
+ කවදවත්ම
නිවෙන්නෙ නැතිවෙයිද ....
_ නිවෙයි සැනසිමක් දැනුන දාක ....
+ කොහොද
කොතනද, කාගෙන්ද ......
_ මාත් හොයනවා බං තාමත් ...
+ මොනාද .....
_ ක්‍රමයක්
+ හම්බ උනාද ඉතින් ....
_ මේ එක උත්සහයක්
+ ඔව් උබෙ මෝඩ ක්‍රම
උබෙ හිතමයි පෑරෙන්නේ
දැන්වත් ඔයා දෙවල් නවත්තලා දාපන්.....
_ බැ බං
මම කැමති මගේ හිත පාරගන්න ...🙂
කවුරුත් කිවුව පලියට එම නවතින්න බැ
බං මොකද මගේ හිත දන්නව එ ආදරේට මං පණ ඇරලා ආදරේ කරා කියලා එකමදේ ගැන හිත හිත මැසේජී එකක් එනකන් හරි අසාවෙන් බලන් ඉන්න මිනිස්සු ඉන්නවා බං තවත් හිත් වලට මෙල්ල නැති එකම හිතක් පාස්සෙ දුවන මිනිස්සු 🙂💔
තාමත් ඔයා හිටියා නම් @මදූ
28/08/2022
- පුළුවන් නම් ඇවිත් යන්න -
එන වස්සානයෙත් මිටියාවතේ
ලිලී මල් පිපෙයි !
පුළුවන් නම් තව එකම එක
පාරක් ඇවිත් යන්න ...
අපිට පුළුවන් ඉස්සර වගේ
තව වතාවක්
මන්දාරම් අහසින් වැටෙන
පිණිකැටවලට
හිතුමතේ තෙමෙන්න ...
ආදයයෙන් තුරුලුව සිටි
කාලය ඔබට මතකද ?
නගරාන්තයේ ඇවිදමින් සිටි
කාලය ඔබට මතකද...
අඩිපාරේ අපි එක වතාවක්
අවිදිමුද ?
ඉඩක් තිබුනොත එක වතවක් සිප ගමුද?
පුළුවන් නම් එකම එක පාරක්
මාව බලන්න ඇවිත් යන්න..
ආදරණීය මදූ ,
දහස් ගානක් මතක අතරේ සතුට
ඇත්නම් නුඹ අරන් යන්න !
දුක හිතෙන ටික මට තියලා යන්න ...
@මදූ
19/08/2022
- දුක නැද්ද ඔහොම අතාරින්න ?
+ මොකටද දුක් වෙන්නේ ?
- ඔයා මට ආදරේ කරානේ
+ ඉතින් ?
- ඉතින් කියන්නේ ? දැන් ආදරේ නැද්ද ?
+ තාමත් ආදරෙයි
- එහෙනම් ඇයි මාව අතාරින්නේ ?
+ ඔයා හොයන ආදරේ මං ලඟ නෑ කියලා ඔයාම මට දැනෙන්න ඇරියා. එතනින් එහාට මං ඔයාව අල්ලගෙන හිටියම අපි දෙන්නටම ඉතුරු වෙන්නේ වේදනාවක්
- ඇයි මං හොයන ආදරේ ඔයා ලඟ නෑ කියන්නේ ?
+ ඒක තියෙන්නේ වෙන කෙනෙක් ලඟ නිසා
- ඒ කිව්වේ ?
+ ඔයා මාව මගාරින්නෙ වෙන කෙනෙක් වෙනුවෙන් නිසා කියලා මං දන්නවා
- කොහොමද එහෙම කියන්නේ ?
+ සමහර තැන්වල ඔයාටත් වඩා මම ඔයාව තේරුම් ගත්තා කියලා මතක නැද්ද ?
- හ්ම්ම් සමාවෙන්න...
+ මොකටද ?
- ඔයාගෙන් ඈත් උනාට
+ සමාව ඉල්ලන්න ඕනේ නෑ. මගෙත් වැරදි තියෙන්න ඇති. මට පුරවන්න බැරි උන අඩුවක් නේ එයා පුරවන්න ඇත්තේ.
- ඇත්තටම මං දන්නෑ ඇයි මම එහෙම කරේ කියලා...
+ මං නිදහසට කරුණු ඇහුවේ නෑ. මං ඔයාට යන්න දෙන්නම්.
- ඔයාට දුකයි නේද ?
+ නෑ. මෙච්චර දවසක් දැනුන දුක දැන් දැනෙන්නෑ
- ඇයි ඒ ?
+ මං අමාරුවෙන් ඔයාව අල්ලගෙන හිටියා. ඔයා ඈතට යන්නම හදද්දී මං ඔයාවම හෙව්වා.
- නෑ එහෙම...
+ අවසාන වතාවටත් මට ඇහුම්කන් දෙන්න...
- හ්ම්ම් කියන්න
+ ඔයා යන්නේ කොහෙද ඉන්නේ කොහෙද පරිස්සමෙන් ද කියලා හෙව්වා ඊට පස්සේ මං නොදන්න දේවල් ඔයාගේ ජීවිතේ වෙනවා දැක්කම හිත රිද්දගත්තා, රිප්ලයි කරපු නැති මැසේජ් ආන්සර් කරපු නැති කෝල් වලින් හිත දුකෙන් පිරුනා, ඔයා මට අවංක වෙයි කියලා මම මාව රවට්ටගත්තා, ඔයා බනිද්දී මුකුත් නොකියා අහන් හිටියා
- ම්ම්ම්
+ ඒත් ඔයා ඔයාට කැමති විදිහට මට රිද්දුවා. රිද්දනවා කියලා දැනගෙනම රිද්දුවා. ඔයා පව් කියලා මම ඉවසුවා. ඒත් ඒකෙන් උනේ ඔයා මාව අමතකම කරා. ඇත්තටම අන්තිමට උනේ මම මේ හැම වැරැද්දක්ම මගේ කියලා හිතුවා...
- ම්ම්ම්
+ ඔයාගේ පස්සෙන් ඇවිත් ඒ හැම වැරැද්දක්ම භාර අරගෙන මට මහන්සි දැන්. ඒ නිසයි මං නැවතුනේ. ඉතින් මං දරාගත්ත වේදනාව ඉවරයි. දැන් හිතට සැනසීමයි.
- ඇත්තටම ද ?
+ ඔව්. ඒ නිසා ඔයාට වැඩිය නොහිතම යන්න පුළුවන්. මෙච්චර දවසක් ඔයා පාර හෙව්වේ යන්නනේ. ඔන්න මං පාර පෙන්නුවා. දැන් යන්න.
- සොරි ඇත්තටම සොරි ඔයාව ඔය තරම් රිද්දුවට....
+ මං ඔයාට සමාව දීලා ඉවරයි.
- හ්ම්ම්...
+ ආ තව එකම එක දෙයක්...
- මොකද්ද ?
+ ආයේ කවදාවත්ම හැරිලා අතීතේ දිහා බලන්න එපා.
- ඇයි ?
+ ඒක ඔයාට වේදනාවක් විතරක් වෙයි. එහෙම වෙන්න ඕනේ නෑ.
- මට රිදෙන එක ගැන ඇයි ඔය තරම් හිතන්නේ ?
+ ඔයාට රිදුනාම ඒකේ එක කොනක මටත් රිදෙන නිසා
- තාමත් ඔච්චර ආදරෙයි නම් ඇයි අවස්ථාවක් නොදී මට යන්න කියන්නේ ?
+ මං ඔයාට ආදරෙයි. අද වගේම හෙටත් ආදරේ කරයි. ඒ නිසා රැවටීම් වලට සමාවක් දෙන්න පුළුවන් ඒත් ආයේ ආයේ රැවටෙන්න බෑ.
- විස්වාස නැද්ද ?
+ ඒක නැති කරේ ඔයා. දැන් යන්න. තව හිටියොත් ඔයාට ගොඩාක් රිදෙයි.
- ඇයි ඒ ?
+ ඔයා මං ලඟ විඳපු ආදරේ ආයේ කොහොමත් ඔයාට මගෙන් දැනෙන්නේ නෑ. ඔයා මෙතන හිටියොත් ඒක ඔයාට වේදනාවක් වෙයි.
- ඔයා තරම් ආදරේ කරන කෙනෙක් ආයේ මුණගැහෙන එකක් නෑ
+ ඒවා සුරංගනා කතන්දර
- නෑ ඇත්තටම කියන්නේ
+ ඔයාට ඕක හිතන්න තිබ්බේ ජීවිතේ හිස්තැන් මට නොකියම වෙන කෙනෙක්ගෙන් පුරවන්න කලින්...
- හ්ම්ම්. මං ගිහින් එන්නම්...
+ ආයේ නාවට කමක් නෑ. මට ආයේ මේ වගේ රිදීමක් ජීවිතේට ඕනේම නෑ
@මදූ