Divisional Secretariat Minipe

Divisional Secretariat Minipe

Share

මිණිපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල ෆේස්බුක් පිටුව

08/04/2026
Photos from Divisional Secretariat Minipe's post 31/03/2026

දස වසරක අභිමානවත් රාජ්‍ය සේවයට අපෙන් උපහාරයක්! 🌸

​ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරිනී, ආර්.එම්. කුසුම් රත්නායක මැතිණියගේ වසර 10 ක (2016 - 2026) නොකැළැල් සහ කැපවීමෙන් යුත් සේවා කාලය අපි අද ඉතා ගෞරවයෙන් යුතුව ඇගයීමට ලක් කලෙමු. මහජන සේවය වෙනුවෙන් ඔබතුමිය දැක්වූ නොසැලෙන නායකත්වයට අපගේ හෘදයාංගම ස්තුතිය! 🙏

​"හැම සිත් බැඳගෙන කෙරුමට කාරිය
පෙරමුණ අරගෙන නොසැලී කිසිවිට
හදින වැළඳගෙන මහජන සේවය
කරයි නිතින් දිදුලන්නට මිනිපුර..."

​ඔබතුමියගේ ඉදිරි ගමනට අපගේ උණුසුම් සුබපැතුම්! 💐

18/03/2026

අයදුම්පත්‍රය -https://www.slbfe.lk/wp-content/uploads/2026/03/application-TITP.pdf
වැඩි විස්තර -https://www.slbfe.lk/wp-content/uploads/2026/03/Automobile-Add-sinhala.pdf

ජපානයේ රැකියා සිහිනය සැබෑ කර ගැනීමට
ඔබට අනගි අවස්ථාවක්...

මෝටර්රථ කාර්මික නඩත්තු ක්ෂේත්‍රය
(Automobile) – (පිරිමි)

IM Japan තාක්ෂණික සේවාස්ථ පුහුණු වැඩසටහන (TITP) යටතේ මෝටර්රථ කාර්මික නඩත්තු ක්ෂේත්‍රයේ - පිරිමි (Automobile -Male) රැකියා සඳහා අයදුම්කරුවන් දැනුවත් කිරීමේ හා බඳවාගැනීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී පැවැත්වේ.
ඒ සඳහා පහත සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන් අදාල සහතිකපත් හා ලිපිලේඛන ද සහිතව 2026.03.23 දින පෙ.ව.9.00 ට අංක 234, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, කොස්වත්ත, බත්තරමුල්ල ලිපිනයේ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ප්‍රධාන කාර්යාලයේ ශ්‍රවණාගාරය වෙත පැමිණෙන්න.

(සැ.යු.මින් පෙර ජපානය සඳහා වීසා අයදුම්කර ප්‍රතික්ෂේප වී ඇති අයඳුම්කරුවන් මේ සඳහා අයඳුම් කිරීමෙන් වලකින්න)

අවශ්‍ය මූලික සුදුසුකම්.
- වයස අවු.18-30 අතර විය යුතුය.
- ශරීරයේ Tattoos නොතිබිය යුතුය.
- අ.පො.ස (උ.පෙළ) විභාගය සඳහා පෙනී සිට තිබිය යුතුය. (රජයේ පාසලක හෝ පෞද්ගලික පාසලක වසර 13 ක කාලයක් අධ්‍යාපනය සම්පූර්ණ කර තිබිය යුතුය.)
- වෘත්තීය පුහුණු ආයතනයකින් හෝ කාර්මික විද්‍යාලයකින් මෝටර්රථ ඉංජිනේරු ක්ෂේත්‍රය (Automobile Engineering) පිළිබඳ වෘත්තීය පුහුණු පාඨමාලාවක් හදාරා අදාල පාඨමාලාව සම්පූර්ණ කර තිබීම.
- මෝටර්රථ ඉංජිනේරු ක්ෂේත්‍රය (Automobile Engineering) පිළිබඳ NVQ සහතික ලබා තිබීම සහ ප්‍රායෝගික පුහුණුව සම්පූර්ණ කර තිබීම.
- ජපන් භාෂා N5 ප්‍රවීනතාවය ලබා තිබීම ප්‍රමුඛතාවය හිමිවීමට හේතුවක් වේ.
- උස 160 cm හෝ ඊට වැඩිවිය යුතුය.
- බර 50 Kg හෝ ඊට වැඩිවිය යුතුය.
- දෘෂ්ඨි ආබාධ නොතිබිය යුතුය. (ජපන් දෘෂ්ඨි අගය 0.7 ට වඩා වැඩි හා ශ්‍රී ලංකා දෘෂ්ඨි අගය 6/9 වඩා වැඩි)

අවශ්‍ය ලිපිලේඛන.
• සම්පූර්ණ කරන ලද අයඳුම්පත්‍රය (අයදුම්පත්‍රය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියේ පලකර ඇත)
• පාසැල් හැරයාමේ සහතිකය
• අ.පො.ස (උ.පෙළ) ප්‍රතිඵල සහතිකය
• ජාතික හැඳුනුම්පත
• මෝටර්රථ ඉංජිනේරු ක්ෂේත්‍රය (Automobile Engineering) පිළිබඳ NVQ සහතික, වෘත්තීය සහතික සහ සේවා සහතික

වැඩි විස්තර සඳහා 1989 අමතන්න
(බඳවාගැනීම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් පමණි.)

17/03/2026

🚨 දැනුවත් කිරීමයි! - ව්‍යාජ ඉන්ධන QR ලින්ක් වලින් ප්‍රවේශම් වන්න! 🚨

​මේ දිනවල ඉන්ධන සඳහා QR කේතය (National Fuel Pass) සම්බන්ධයෙන් විවිධ ව්‍යාජ ලින්ක් සහිත කෙටි පණිවිඩ (SMS), Facebook සටහන් සහ WhatsApp පණිවිඩ වේගයෙන් සංසරණය වෙමින් පවතී.
​❌ ව්‍යාජ ලින්ක් එක (මීට කිසිසේත් පිවිසෙන්න එපා!): https://fuelpass.invitaion.online/

​මෙය ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය, වාහන තොරතුරු (චැසි අංකය) සහ දුරකථන අංක වැනි ඉතා වැදගත් පුද්ගලික තොරතුරු සොරකම් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන වංචනික (Scam / Phishing) වෙබ් අඩවියකි.

​✅ නිල සහ නිවැරදි වෙබ් අඩවිය:
ඔබගේ ඉන්ධන QR කේතය ලියාපදිංචි කිරීම සඳහා රජය විසින් හඳුන්වා දී ඇති එකම නිල සහ ආරක්ෂිත වෙබ් අඩවිය වන්නේ පහත ලින්ක් එක
පමණි.

👉 https://fuelpass.gov.lk
​ඔබගේ ආරක්ෂාව සඳහා මේ දේවල් අනිවාර්යයෙන් මතක තබා ගන්න:
​කිසිවිටෙකත් නොදන්නා පුද්ගලයින් එවන ව්‍යාජ ලින්ක් හරහා ඔබගේ තොරතුරු ලබා නොදෙන්න.

​රාජ්‍ය සේවාවකට අදාළ ලින්ක් එකක් නම් එහි gov.lk යන්න නිවැරදිව සටහන් වී ඇත්දැයි සැමවිටම පරීක්ෂා කරන්න.

​කරුණාකර මෙම පණිවිඩය හැකිතාක් Share කර ඔබගේ පවුලේ අය සහ හිතමිතුරන් මෙම සයිබර් වංචාවෙන් බේරා ගන්න! 🛡️📱

08/03/2026

🌸 2026 ජාත්‍යන්තර කාන්තා දින සුබ පැතුම්! 🌸

​නිවස, කෘෂිකර්මාන්තය, රාජ්‍ය සේවය මෙන්ම විවිධ වෘත්තීන්හි නියැලෙමින් මිණිපේ ප්‍රදේශයේ සංවර්ධනයට සහ සමාජයේ යහපැවැත්මට අමිල දායකත්වයක් සපයන සියලුම දිරිය කාන්තාවන්ට අපගේ උණුසුම් සුබ පැතුම්!

​සමාජයේ කොඳු නාරටිය බඳු වූ ඔබගේ අප්‍රතිහත ධෛර්යය, ආදරය සහ කැපවීම අද වැනි දිනක පමණක් නොව සෑම දිනකම අපගේ ඉමහත් ගෞරවයට පාත්‍ර වේ.

​මිණිපේ ප්‍රදේශයේ සියලුම කාන්තාවන්ගේ හෙට දවස වඩාත් සුන්දර සහ ශක්තිමත් එකක් වේවා යි මිණිපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හදවතින්ම ප්‍රාර්ථනා කරයි!

​ #කාන්තාදිනය #මිණිපේ

Photos from Divisional Secretariat Minipe's post 28/02/2026

'දිට්වා' ආපදාවෙන් අහිමි වූ ජීවිත සිහිපත් කරමින් පැවති තෙමස් පූර්ණ දානමය පුණ්‍යකර්මය

​මහනුවර දිස්ත්‍රික්කයේ, මිණිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පල්ලෙගල්දෙබොක්ක ග්‍රාම නිලධාරී වසමේ, නෙළුම්මල ගම්මානයේ සිදු වූ ඛේදනීය නායයාමෙන් අපතරින් වියෝ වූ පවුල් 13 කට අයත් ආදරණීය ජීවිත 31 ට පිං අනුමෝදන් කිරීමේ තෙමස් පූර්ණ දානමය පුණ්‍යකර්මය ඊයේ (27) දින පමුණුපුර කණිෂ්ඨ විද්‍යාලයේදී පැවැත්විණි.

​මෙම අවස්ථාව සඳහා අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා ද සහභාගී වූ අතර, එතුමා විපතට පත් පවුල්වල ඥාතීන් හමුවී කතාබහ කරමින් ඔවුන්ට ශක්තියක් විය.

​සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ ත්‍රෛනිකායික මහා සංඝරත්නය 70 නමක් විෂයෙහි මෙම දානමය පුණ්‍යකර්මය සිදු කෙරුණු අතර, පෙරදින පස්වරුවේ බෝධි පූජා පිංකමක් සහ පිරිත් දේශනයක් ද සංවිධානය කර තිබිණි.

​මෙම අවස්ථාවට බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා, ප්‍රදේශයේ මහජන නියෝජිතයින් ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියහ.

​අකාලයේ දිවි අහිමි වූ ඒ සියලු දෙනා අප කාර්ය මණ්ඩලය විසින් මේ මොහොතේ දැඩි සෙනෙහසින් සිහිපත් කරමු.
මෙම මහා පුණ්‍යකර්මයේ බලයෙන් ඔවුන්ගේ සංසාර ගමන සුගතිගාමී වේවා!
අමා මහා නිවන් සුව අත්වේවා! 🙏

28/02/2026
Photos from Ranasinghe Premadasa National School, Hasalaka's post 18/02/2026
13/02/2026

මිණිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 2025 උසස් පෙළ (A/L) විභාගයට පෙනී සිටි ඔබට, රජය මගින් නොමිලේ පවත්වනු ලබන "විශේෂ වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන" දැන් හසලක දී!
​මෙමගින් ඔබට,
✅ ඉංග්‍රීසි භාෂා පුහුණුව (English Language)
✅ තොරතුරු තාක්ෂණය (IT Skills)
✅ නායකත්ව පුහුණුව (Leadership)
✅ ක්‍රීඩා සහ පෞරුෂ වර්ධනය
ඇතුළු වටිනා ක්ෂේත්‍ර රැසක් ආවරණය කෙරේ.
​📍 පැවැත්වෙන ස්ථානය:
හසලක රණසිංහ ප්‍රේමදාස ජාතික පාසල
​🗓️ අවසාන දිනය:
2026 පෙබරවාරි 28 දින දක්වා කල් තිබේ.
​📝 ලියාපදිංචි වීමට:
පහත Link එක හෝ QR කේතය භාවිතා කරන්න.
🔗 https://forms.office.com/Pages/ResponsePage.aspx?id=li0TAqvR7ECAs8nj80w8a4wF4Pk3vG1HqrXLcJDKyA1URVhMM0hZMDdPS1RGUjRJNFcxWjk2RlQ3Uy4u&origin=QRCode
​වැඩි විස්තර සඳහා අමතන්න:
📞 0755 375 333
(නිපුණතා සංවර්ධන නිලධාරී - මිණිපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය)

12/02/2026

ස්ථාවර අනාගතයකට කාර්ගිල්ස් (Cargills) සමඟ එක්වන්න! 🌟

​මිණිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් සඳහා කාර්ගිල්ස් ෆුඩ් සිටි (Cargills Food City) ආයතනයේ පුරප්පාඩු රැසක් සඳහා සම්මුඛ පරීක්ෂණ දැන් ඔබේ ප්‍රදේශයේදීම!

​📍 ස්ථානය: මිණිපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
🗓️ දිනය: 2026 පෙබරවාරි 17 වන අඟහරුවාදා
🕘 වේලාව: පෙ.ව. 9:00 සිට

​අපේක්ෂිත තනතුරු:
✅ මුදල් අයකැමි (Cashier)
✅ සේවා සහායක/සහායිකා
✅ ආධුනික කෝකී (Trainee Cook)
✅ ආධුනික ඖෂධවේදී සහායක

​සුදුසුකම්:
🔹 වයස අවුරුදු 18 - 50 අතර වීම.
🔹 අ.පො.ස (සා/පෙ) හෝ (උ/පෙ) පෙනී සිට තිබීම.

​ප්‍රතිලාභ:
💰 රු. 50,000/- ඉක්මවූ මාසික ආදායමක් ලබා ගැනීමේ හැකියාව.
(මූලික වැටුප + දීමනා ඇතුළත්ව)

​📝 විශේෂ උපදෙස්:

සම්මුඛ පරීක්ෂණයට ඔබගේ පැමිණීම තහවුරු කිරීමට පහත link එක මගින් ඔබගේ විස්තර ලබා දෙන්න

https://forms.gle/3SbpXn4y2gpGFNoK9

​වැඩිදුර විස්තර සඳහා අමතන්න:
📞 072 096 5597
💬 WhatsApp: 075 537 5333

​මෙම පණිවිඩය රැකියා අපේක්ෂිත ඔබගේ මිතුරන් අතරත් share කරන්න! 🤝

Photos from Divisional Secretariat Minipe's post 06/02/2026
Want your business to be the top-listed Government Service in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Divisional Secretariat Minipe, Hasalaka (DS Code)
Kandy
2-1-21

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15