Department of Export Agriculture

Department of Export Agriculture

Share

Research and Development of Spice Crops and Allied Products

30/05/2026

ආර්ථිකමය අස්වැන්නක් උදෙසා බුලත් වගාව නිවැරදිව නඩත්තු කරන ආකාරය දැනගන්න 2026.05.31. එනම් හෙට දින පෙරවරු 7.00 ට රංගිරි ශ්‍රී ලංකා ගුවන්විදුලිය ඔස්සේ ( FM 104.4./105.7) ඔස්සේ රසමංසල වැඩසටහන ශ්‍රවණය කරන්න.

සම්පත්දායකත්වය

කේ.ඒ.එස්.ඒ.රූපසිංහ මහත්මිය
තාක්ෂණ නිලධාරීනි
අතුරු වගා හා බුලත් පර්‍යේශණ ආයතනය
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව.

#බුලත්

30/05/2026

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා......

Photos from National Spice Garden of Sri Lanka's post 29/05/2026

Today we were delighted to welcome a lovely group of visitors from Germany & France to the National Spice Garden of Sri Lanka




29/05/2026

රන්වන් කුළුබඩුවක් වන "කහ" වල සැබෑ සෞඛ්‍ය ප්‍රතිලාභ සහ විද්‍යාත්මක පසුබිම 🌟
🌟 The Golden Spice: Science-Backed Health Benefits of Turmeric 🌟
අපේ මුළුතැන්ගෙයි නැතුවම බැරි "කහ" (Turmeric) කියන්නේ හුදෙක් වර්ණකයක් හෝ රසකාරකයක් විතරක් නෙවෙයි. ආයුර්වේදයේ වගේම නූතන බටහිර විද්‍යාවෙත් කහවල තියෙන ඖෂධීය ගුණය ගැන විශාල වශයෙන් පර්යේෂණ සිදුවෙනවා. කහවල අඩංගු කර්කියුමින් (Curcumin) නැමැති සක්‍රීය සංයෝගය මඟින් සිරුරට ලැබෙන සුවිශේෂී ප්‍රතිලාභ මෙන්න:

📌 ප්‍රධාන සෞඛ්‍ය ප්‍රතිලාභ (Key Health Benefits):
🛡️ ප්‍රබල ප්‍රති-ප්‍රදාහක ගුණය (Anti-Inflammatory): හෘද රෝග සහ ශරීරය දුර්වල කරන බොහෝ රෝගවලට හේතුවන සිරුර අභ්‍යන්තරයේ ඇතිවන දිගුකාලීන ප්‍රදාහයන් සෛලීය මට්ටමින් පාලනය කරයි.

💪 ස්වාභාවික ප්‍රතිඔක්සිකාරක බලය (Antioxidant Boost): සිරුර වයසට යෑම සහ ලෙඩරෝගවලට හේතුවන නිදහස් මුලුද්‍රව්‍ය (Free Radicals) ඍජුවම අක්‍රීය කර, සිරුරේ ස්වාභාවික ප්‍රතිශක්තිය ඉහළ නංවයි.

🦴 හන්දිපත් රුදාව සමනය කිරීම (Joint Health): ඔස්ටියෝආතරයිටිස් (Osteoarthritis) රෝගීන්ගේ හන්දිවල වේදනාව අඩු කර චලනය පහසු කිරීමට සාමාන්‍ය වේදනා නාශක ඖෂධ මෙන් ඉහළ කාර්යක්ෂමතාවක් පෙන්වයි.

🧠 හෘදයේ සහ මොළයේ සෞඛ්‍යය (Heart & Brain Support): රුධිර වාහිනීවල ක්‍රියාකාරීත්වය නිරෝගී කරන අතර, මොළයේ සෛල අලුතින් ඇතිවීමට සහ මතක ශක්තිය වර්ධනය වීමට අවශ්‍ය හෝර්මෝන උත්තේජනය කරයි.

🍃 ආහාර ජීර්ණය සහ සමේ පැහැපත් බව (Digestion & Skin Care): පිත නිෂ්පාදනය වැඩි කර ආහාර ජීර්ණය පහසු කරයි; කුරුලෑ ඇති කරන බැක්ටීරියා විනාශ කර සමට ස්වාභාවික දීප්තියක් ලබා දෙයි.

🧬 පිළිකා මර්ධනය සඳහා ඇති විභවය (Potential Cancer Prevention): විද්‍යාගාර පරීක්ෂණවලට අනුව, කර්කියුමින්වලට පිළිකා සෛල වර්ධනය පාලනය කිරීමට, ඒවා පැතිරීම වැළැක්වීමට සහ පිළිකා ප්‍රතිකාර (Radiation/Chemotherapy) නිසා ඇතිවන අතුරු ආබාධ සමනය කිරීමට හැකියාව පවතී. (විශේෂ අනතුරු ඇඟවීම: මෙය ප්‍රධාන පිළිකා ප්‍රතිකාර සඳහා ආදේශකයක් නොවන අතර ඖෂධීය මාත්‍රාවලින් ලබා ගැනීමට පෙර වෛද්‍ය උපදෙස් අනිවාර්ය වේ)

💡 කහවල ගුණය සිරුරට 100% ක් ලබාගන්නා රහස (The Bioavailability Trick):
සාමාන්‍යයෙන් කහවල ඇති කර්කියුමින් සිරුරට ඍජුවම අවශෝෂණය කරගැනීමේ හැකියාව ඉතා අඩුයි.

💡 විසඳුම: කහ භාවිත කරන සෑම විටම එයට ගම්මිරිස් කුඩු ස්වල්පයක් එකතු කරන්න! ගම්මිරිස්වල ඇති පයිපරීන් (Piperine) සංයෝගය මඟින් කහ සිරුරට අවශෝෂණය කරගැනීමේ හැකියාව 2000% කින් ඉහළ නංවනවා. එමෙන්ම, කහ මේදයේ දියවන සංයෝගයක් නිසා පොල්තෙල් හෝ ඔලිව් තෙල් වැනි සෞඛ්‍ය සම්පන්න තෙලක් සමඟ ආහාරයට ගැනීමෙන් මෙහි ප්‍රතිඵල තවත් වැඩි කරගත හැකියි.

නිරෝගී ජීවිතයකට දේශීය ගුණ පිරි කුළුබඩු නිවැරදිව ආහාරයට එක්කර ගනිමු! 🌱✨

26/05/2026

*ගම්මිරිස්,* නොම්මර එකේ කළු ගම්මිරිස් කරන 'උණු දිය ප්‍රතිකාරය'
පියවරෙන් පියවර.....

⭕උණු දිය ප්‍රතිකාරය, උසස් තත්ත්වයේ (No. 1) කළු ගම්මිරිස් නිපදවා ගැනීමට ඉතාමත් වැදගත් පියවරකි.

​උණු දිය ප්‍රතිකාරය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

⭕ සුදු යකඩ දැල් කූඩයක් හෝ පිරිසිදු කපු රෙදි මල්ලක්

⭕ ජලය රත්කර ගැනීම සදහා සුදු යකඩ හෝ මැටි බාජනයක්

⭕ ​ලිපක් (දර හෝ ගෑස් ලිපක්): වතුර එක දිගට රත් කර තබා ගැනීමට.

⭕ ප්‍රතිකාරයෙන් පසු ගම්මිරිස් වේලා ගැනීමට,

වියළනය

⭕ හිරු එළියෙන් වියලා ගන්නේ නම්,​පිරිසිදු පැදුරක් හෝ
සුදු යකඩ දැල් සහිත වියලන තැටි

🟢 ​සිදුකරන ආකාරය (සම්පූර්ණ පියවර)

1. ​කරල් වලින් වෙන්කරගත් ගම්මිරිස් බීජ සුදු යකඩ දැල් කූඩයට හෝ කපු බෑගයට දමා ගැනීම.

2. ​මැටි හෝ සුදු යකඩ භාජනයට ගම්මිරිස් බෑගය/කූඩය සම්පූර්ණයෙන්ම ගිල්වා ගත හැකි වන පරිදි වතුර පුරවා රත් කර ගැනීම.

3. ​ජලයේ උෂ්ණත්වය පාලනය: වතුර හොඳින් රත් වී නටන විට උෂ්ණත්වය සෙල්සියස් අංශක 100 පැමිණි පසු ලිපේ ගින්දර තරමක් අඩු කරන්න.

4. ​තැම්බීම (Blanching): ගම්මිරිස් අඩංගු කූඩය හෝ කපු බෑගය එම උණු වතුරේ විනාඩියක් පමණක් ගිල්වා තබාගෙන වහාම ඉවතට ගන්න.

5. ​දිය බේරීම: ඉවතට ගත් ගම්මිරිස් කූඩය/බෑගය මඳ වෙලාවක් තබා එහි ඇති අමතර වතුර හොඳින් බේරී යාමට හරින්න.

6. ​වේලීම:

වතුර බේරුණු වහාම පිරිසිදු පැදුරක් හෝ සුදු යකඩ දැල් සහිත තැටි මත තනි තට්ටුවේ බීජ ඝනකම ට තුනීව අතුරා වියලා ගන්න.

(රාක්ක මත තැටි හෝ පැදුර තැබීම මගින් බිම ස්පර්ශ නොවන බැවින් දූවිලි හා අපද්‍රව්‍ය එකතු නොවේ).

පෝපග්‍රේටර් / පැල කුටිය තුල වියළීම
ස්වභාවික හිරු එළියෙන් වියළීම මෙහීදී ද සිදු වේ.
වර්ෂාව පවතින දින වලදී වැස්සෙන් අස්වැන්න ආරක්ෂා කරගත හැකි අතර අපද්‍රව්‍ය එක්වීම වලක්වාගත හැක. ඒ වගෙම කුටිය තුල උෂ්නත්වය වැඩි නිසා ඉක්මනින් වියලා ගැනීමට හැක.

කෘතිම වියලන (Mechanical Dryers) භාවිත කරන්නේ නම්:

පාලිත උෂ්ණත්වයක් යටතේ කෘතිම වියලනය තුළ බහා ඉතා කෙටි කාලයකින් නිවැරදි තෙතමනය මට්ටමට (12% දක්වා) වියළා ගන්න.

✅ සුදු යකඩ තැටි සහ කෘතිම වියලන භාවිතයේ වාසි:

1. උසස් සනීපාරක්ෂක තත්ත්වය:
පස්, දූවිලි, සත්ව මලපහ හෝ වෙනත් බාහිර අපද්‍රව්‍ය මිශ්‍ර වීමේ අවදානම සම්පූර්ණයෙන්ම නැති වී යයි.

2. දිලීර (Aflatoxin) අවදානම අවම වීම:
කෘතිම වියලන මඟින් කාලගුණ විපර්යාස හමුවේ වුවද එක දිගට වියළීමේ හැකියාව පවතින බැවින් අහිතකර දිලීර (Aflatoxin) ඇතිවීම වැළකේ.

3. ඒකාකාරී නිමාව සහ ඉහළ මිල:

ගම්මිරිස් තොගයම එක ලෙස වියළෙන බැවින් අපනයන වෙළඳපොළේ නොම්මර එකේ (No. 1) ඉහළම මිලක් ලබා ගත හැකිය.

7. වියළීම සිදුකරන ආකාරය: පෙ.ව. 8 සිට 11 තෙක් හිරු එළියෙන් වියළීම පෙ .ව. 11 සිට ප.ව 2 දක්වා අකුලා සෙවනට ගැනීම නැවත 2 ට හිරු එළියෙන් වියළීම. මෙලෙස දින 3-4 ක් කඩින් කඩ වියලා ගැනීම. ඉන්පසු දින 3-4 ක් තද අව්වේ හොඳින් වියළා ගන්න.

​මෙම ප්‍රතිකාරය මඟින් ලැබෙන වාසි

​ආකර්ෂණීය කළු පැහැය සහ රැළි ඇතිවීම:

ගම්මිරිස් බීජාආවරණයේ (පොත්තේ) ඇති එන්සයිම ක්‍රියාකාරීත්වය නිසා වේලීමේදී ඒකාකාරී, දිලිසෙන තද කළු පැහැයක් ලැබීම සහ ගැඹුරු රැළි ඇතිවීම.

​වියළීමේ කාලය අඩුවීම:

බීජ මතුපිට සෛල බිත්ති බිඳ වැටෙන නිසා සාමාන්‍ය ක්‍රමයට වඩා ඉක්මනින් (දින ගණනක් අඩුවෙන්) වියළා ගත හැක.

​පිරිසිදු බව:
මතුපිට ඇති දූවිලි, කෘමි හානි සහ ක්ෂුද්‍ර ජීවීන් (දිලීර/බැක්ටීරියා) විනාශ වී අපනයන තත්ත්වයේ ඉහළ ප්‍රමිතියක් ලැබේ.

කාංචනා රත්නායක මහත්මිය
දිස්ත්‍රික් ව්‍යාප්ති නිලධාරීනී
ගම්පහ දිස්ත්‍රික්කය
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

#ගම්මිරිස් #කළුගම්මිරිස්

26/05/2026

ඵලදරන ගම්මිරිස් වගාවක සිදු කල යුතු සුවිශේෂී නඩත්තු කටයුතු

#ගම්මිරිස්

26/05/2026

වගාවට සුදුසු ගුණාත්මක ගම්මිරිස් පැලයක් තෝරා ගන්නේ මෙහෙමයි

#ගම්මිරිස්

26/05/2026

ගම්මිරිස් වගාවට සුදුසු ආධාරකයක් නිවැරදිව තොරා ගන්නේ මෙහෙමයි

#ගම්මිරිස්

26/05/2026

සාර්ථක ගම්මිරිස් වගාවක් සදහා භුමිය තෝරා ගැනීම

#ගම්මිරිස්

Photos from Department of Export Agriculture's post 26/05/2026

කුළුබඩු කර්මාන්තයේ නිරත ව්‍යවසායකයින් සදහා ව්‍යාපාර නාම ලියාපදිංචිය හා මුල්‍ය සැලසුම් සැකසීම පිලිබද පුහුණුවක්

කෑගල්ල දිස්ත්‍රික්කය තුල කුළුබඩු ආශ්‍රිත කර්මාන්තයේ නිරත ව්‍යාවසායකයින් සදහා ව්‍යාපාර නාම ලියාපදිංචිය හා මුල්‍ය සැලසුම් සැකසීම පිලිබද පුහුණු වැඩසටහනක් 2026.05.25 එනම් ඊයේ දින පවත්වන්නට යෙදිනි.

විශේෂයෙන්ම මේ යටතේ ව්‍යාපාරයක් නිවැරදිව ලියාපදිංචි කරන ආකාරය, ඒ ආශ්‍රිත ප්‍රයෝගික හා න්‍යායික ගැටළු මෙන්ම වැදගත් කරුණු කාරණා ගණනාවක් පිලිබද පැමිණි පිරිස දැනුවත් කරන ලදි.

එසේම ව්‍යාපාර සදහා නිවැරදිව මුල්‍ය සැලසුම් සකස් කරන ආකාරය හා ඒ සම්බන්ධ ප්‍රායෝගික පුහුණුව මේ යටතේ ලබා දෙන ලදි.

එමෙන්ම මෙසේ සාදන ලද ව්‍යාපාර සැලසුම් සියල්ල මෙම වැඩසටහනේ සම්පත් දායකයින් දෙපල විසින් විදිමත්ව පරීක්ෂා කර බලා, ඉතා ක්‍රමවත් වෘත්තීය මට්ටමින් පිළිගත් ව්‍යාපාරික සැලැස්මක් (Business Plan) සකසා දීමට, මෙහි ඊලග වැඩමුළුව එනම් ජූනි මස 23 දිනට පැවැවෙන වැඩමුළු තුලදී සිදු කිරීමට නියමිතයි.

එසේම එම පසුවිපරම් කාර්‍ය සමගින් අපනයන ව්‍යාපාරයක් දක්වා මෙම ව්‍යවසායකයින් ගොඩනැගීම හා මෙහෙයවීම සදහා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.

කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්‍යාල පරිශ්‍රයේ දී පැවත්වු මෙම වැඩසටහන සදහා කුළුබඩු කර්මාන්තයේ නිරත ව්‍යවසායකයින් 20 ක පමණ පිරිසක් සම්බන්ධ විය.

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෑගල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂ චරිතා කෝසලී ප්‍රියදර්ශිකා මහත්මිය ගේ ප්‍රධානත්වයෙන් හා මෙහෙයවීමෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වූ අතර
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ, කෑගල්ල දිස්ත්‍රික් කාර්‍යාලයේ සහකාර අධ්‍යක්ෂ කේ. ජී.එස්. කේ. මන්තිලක මහතා හා එම අංශයේ පුහුණු නිලධාරිනී එච්. පී.ඒ. චාමන්ති නිසංසලා මිය මේ සදහා සම්පත්දායකත්වය ලබා දෙන ලදි.

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෑගල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂ චරිතා කෝසලී ප්‍රියදර්ශිකා මහත්මිය ඇතුලු එම කාර්‍යාලයේ කාර්‍යමණ්ඩලය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදි.

25/05/2026

ඖෂධිය ගුණයෙන් අනුන ගොරකා

2026.05.21. දින ඔස්සේ විකාශනය වූ හරිත මංසල වැඩසටහන

සම්පත්දායකත්වය

චලනි අත්තනායක මහත්මිය
පර්‍යේශණ හා සංවර්ධන සහකාර
සේවා සංස්කරණ පුහුණු මධ්‍යස්ථානය
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

#හරිතමංසල
#හරිතමංසල2026
#ගොරකා #ගොරකාවගාව

Want your business to be the top-listed Government Service in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


No. 1095, Sirimavo Bandaranaike Mawatha, Peradeniya
Kandy
20000

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00