පාරම්පරික රදළවරු. Association Of Traditional Aristocrats

පාරම්පරික රදළවරු.  Association Of Traditional Aristocrats

Share

පාරම්පරික රදලවරු සංගමයේ නිල පිටුව.

Photos from පාරම්පරික රදළවරු.  Association Of Traditional Aristocrats's post 07/01/2026

ඓතිහාසික හන්තාන රජමහා විහාරය වෙත
ශ්‍රී දළදා මාළිගාවෙන් ලැබෙන වී කොටසින් සහ විහාරයට අයත් කුඹුරු වලින් ලැබෙන සහලින් කිරි ආහාර පිස
2026 වර්ෂයේ අලුත් සහල් මංගල්‍යය, හන්තාන රජමහා විහාරාධිපති ඇතුල්ගම ධම්මදස්සි නායක මාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන්, කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමන්ගේ අනුග්‍රහය ඇතිව හන්තාන විහාරය ගොඩනැගූ ගලගොඩ මහ අධිකාරම්තුමන්ගේ සත්වන මී මුණුපුරු පරම්පරාවේ නිළමේවරුන්ගේ ප්‍රධානත්වයෙන්, පාරම්පරික රදලවරු සංගමයේ සම නිර්මාතෲන් සහ සභාපති, මහලේකම් , ජාතික සංවිධායක, භාණ්ඩාගාරික නිළමේවරුන්ගේ සහභාගිත්වයෙන් සහ ආශිංසනයෙන්, පවුල්වල නිළමේවරුන්ගේ සහ කුමාරිහාමීන් ගේ සහභාගිත්වයෙන් , මෙන්ම ගම්වාසීන්ගේ සහභාගිත්වයෙන් හන්තාන විහාරයට විශේෂ වූ පෞරාණික චාරිත්‍රයන්ට අනුකූලව පසුගිය දුරුතු පුන් පොහෝදින ( 2026 ජනවාරි මස 03 දින ) සිද්ධ කරන්නට යෙදුනි ෴

පාරම්පරික රදලවරු
පාරම්පරික රදළවරු. Association Of Traditional Aristocrats ..

02/01/2026

🙏🙏අලුත් සහල් මංගල්‍යය 2026..🙏🙏
පාරම්පරික රදලවරු
පාරම්පරික රදළවරු. Association Of Traditional Aristocrats

. හන්තාන උඩුවෙල රජ මහා විහාර පිංබිමේදී.. --

ශ්‍රී ලංකාවාසී ජනතාවත් රටත් සෞභාග්‍යය සශ්‍රීකත්වය ප්‍රාර්ථනා කර සෙත් පතා සෑම වසරක් පාසා රාජ නියමයෙන්
ඓතිහාසික කන්ද උඩරට ශෛලාභිධාන සෙංකඩගල පුරවරයේ සතර මහා මංගල්‍යය ට අයත් ප්‍රධාන මංගල්ලය වන අලුත් සහල් මංගල්ලය පෙර දවස උතුම් සිරිත් පරිදි

ශ්‍රී දළදා මාලිගාව හා මල්වතු අස්ගිරි මහා විහාර කේන්ද්‍ර කරගනිමින්,රජමහා විහාර,සතර මහා දේවාලයන්හි හා පිටිසර දේවාල වල 2026.01.03 දින සිදු කරන්නට කටයුතු යොදා ඇත
චිරාගත සම්ප්‍රදාය අනුව ශ්‍රී දළදා මාලිගාවේ පල්ලෙකැලේ පිහිටි රාජකීය සම්බා අටුවෙන් පෙර දිනක එනම්
2025.12.29 ලබාදීමෙන් පසු ඒ ඒ පන්සල් හා දේවාල වල තැන්පත් කොට තබා
වර්ෂ 2026ක් වු පළමු මස 03 වන දිනට යෙදෙන පුර පසලෙස්වක පොහොය දින උදයාදී 7.00 පැයට
ශ්‍රී දළදා ශ්‍රී දළදා මාලිගාව මූලික කොට ගෙන රාජසම්මත වු රජමහා විහාරවල, සතර මහ දේවාල සහ සෙසු දේවාලවල චාරිත්‍රානුකූලව පැවැත්වේ......🙏🙏🙏

එම සුභ මොහොතින්
""""ගලගොඩ මහ අදිකාරම්" තුමා විසින් තනවන ලද
"උඩුවෙල හන්තාන රජ මහා විහාරයේ දී ,""""
පාත හේවාහැට උඩුවෙල හන්තාන රජමහා විහාරාධිපති විශ්‍රාම ලත් පාඨශාලාචාර්ය ,පහත හේවාහැට ප්‍රධාන සංඝනායක පූජ්‍ය ඇතුල්ගම ධම්මදස්සීභිධාන නායක ස්වාමීන් වහන්සේගේ """"මූලිකත්වයෙන් මග පෙන්වීමෙන් පාරම්පරික රදලවරු පරපුරේ සිරිත් වශයෙන්” පාරම්පරික රදලවරුන් ගේ අභීත ඥාතින්, විහාරීය දායක සභාව, මෙම උතුම් වූ අලුත් සහල් මංගල්‍යය පාරම්පරික පැවත එන කුල සිරිත් ,යුතුකම් හා බැදුණු චාරිත්‍රානුකූලව,ආගමිකානුකූලව සංස්කෘතිකය පවත්වා ගනිමින් සිදු කිරිමට නියමිතය .......

තෙරුවන් සරණයි..........!

ඔබ සැමට කෙරෙන ගෞරවනීය ඇරයුමයි....

04/12/2025
28/08/2025

මහාවිහාරවාංශික ස්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අභිනව අනුනායකපද ප්‍රාප්ත ගෞරවාර්හ නාරම්පනාවේ ආනන්දාභිධාන නායකස්වාමීන්ද්‍රයන් වහන්සේට ශ්‍රීමත් බුද්ධාදීරත්නත්‍රයාශීර්වාදය වේවා‍!
**************************************

21/07/2025

''හා සංයෝගා වියෝගන්තා"

මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි විහාර පාර්ශ්වයේ අනුනායක ධුරන්ධර, කුරුණෑගල ඓතිහාසික ඇත්කඳ රාජමහා විහාරාධිපති, අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්ය, අධ්‍යාපනපති, උපාධ්‍යාය ධුරන්ධර, අතිගරු ආනමඩුවේ ධම්මදස්සි ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත්වීම පිළිබඳව අපගේ සාතිශය සංවේගය පළකරමු.

උන්වහන්සේට අමාමහ නිවන් සම්පත් සැලසේවායි ප්‍රාර්ථනා කරමු.

..............................
පාරම්පරික රදලවරුන්ගේ සංගමයේ නිළමේවරුන්ගේ සහ කුමාරිහාමීන්ගේ සාතිශ්‍ය සංවේගය

Photos from පාරම්පරික රදළවරු.  Association Of Traditional Aristocrats's post 13/09/2024

නිවන් සුව ලැබේවා “ මදූ ” 🥺💔🏳️

19/07/2024
09/07/2024

අප රටත් සමිබුද්ධ ශාසනයත් සිහල ජාතියත් රැකගනු වස් තම ලේ කදුලු හලමින් ඇස් ඉස් මස් පුදා ගේ දොර වතුපිටි ඉඩකමි හරකාබාන හා සියලු බැදිමි නොතකා රට රැකිමට සටන් වැදුනු, වෙර දුන් අභිත විරෝධාර පරපුරක ඔබට. අප හා එක් විම පිණිස මෙි ගෞරවණිය ආරධනය ( හෙළයේ විරුජන සංගමය - 1505 - 1818 ) https://www.facebook.com/1818-%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B6%BA%E0%B7%9A-%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%A2%E0%B6%B1-%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA-582722228909135/

Want your business to be the top-listed Government Service in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Kandy