Ministry of Roads-cp

Ministry of Roads-cp

Share

Ministry of Road Development-cp

Photos from Ministry of Roads-cp's post 02/01/2026

මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යංශයේ සහ පරිශ්‍රයේ අනෙකුත් රාජ්‍ය ආයතනයන්හි, 2026 නව වසර සඳහා රාජකාරී ආරම්භ කිරීමේ කටයුතු අමාත්‍යංශ ලේකම් දිලීපා රූපානි පියදාස මහත්මියගේ ප්‍රධානත්වයෙන්, අනෙකුත් ආයතන ප්‍රධානීන්, මාණ්ඩලික නිලධාරීන් සහ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් සිදුකරන ලදී.

Photos from Ministry of Roads-cp's post 09/06/2025

බලශක්ති සංරක්‍ෂණය සහ විකල්ප බලශක්ති ප්‍රවර්ධනය අරමුණු කරගත් e - ideas 2025 තරඟාවලිය හා ප්‍රදර්ශනය

මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන, ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ විදුලිබල හා බලශක්ති අංශය මඟින් බලශක්ති සංරක්ෂණය හා විකල්ප බලශක්ති භාවිතය පිළිබඳව ජනතාව අතර ප්‍රචලිත කිරීමේ අරමුණින් මධ්‍යම පළාතේ පාසල් සිසුන් අතර “බලශක්ති සංරක්‍ෂණය සහ විකල්ප බලශක්ති ප්‍රවර්ධනය” යන තේමාව යටතේ තරඟාවලියක් හා ප්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

නව නිපයුම්
නාට්‍ය
රචනා
චිත්‍ර
කෙටි වාර්තාමය වීඩියෝපට

මෙම තරඟාවලිය මධ්‍යම පළාතේ සියළුම පාසල්වල 6-13 ශ්‍රේණි වල සිසුන් සඳහා විවෘත වන අතර ඒ සඳහා ඉදිරිපත් කරන නිර්මාණ මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යාංශය වෙත යොමු කළ හැක.

සියලුම අයදුම්කරුවන් තරඟයට ලියාපදිංචි විම සඳහා
https://forms.gle/meokg5LE2Q8HGU88A
නව නිපැයුම් තරඟාවලිය වීඩියෝ උඩුගත (Upload) කිරීම සඳහා
https://forms.gle/CVPFxA1qYLE7n6CF8
කෙටි වාර්තාමය චිත්‍රපට වීඩියෝ උඩුගත (Upload) කිරීම සඳහා
https://forms.gle/7HstGwnw2Q9uoP2Y7
තරඟාවලියට අදාල තරඟ කොන්දේසි හා අයදුම්පත්‍රය පහත දිගුවෙන් ලබා ගත හැක.

https://drive.google.com/drive/folders/1TUvSNned2GylPS-aPWjjyl5to9yzK9AF?usp=sharing

Photos from Ministry of Roads-cp's post 01/06/2025

එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහන මඟින් 2025 ලෝක පරිසර දිනය “Ending Plastic Pollution” යන තේමාව යටතේ සැමරීමත් ජාතික පරිසර සතිය මඟින් මැයි 30 වනදා ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ දිනය වශයෙන් නම් කිරීමත් පදනම්කොට ගනිමින් මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන, ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය විසින් සංවිධානය කෙරුණු ප්ලාස්ටික් හා පොලිතින් කසළ ඉවත්කිරීමේ වැඩසටහනක් 2025.05.30 දින පොල්ගොල්ල වේල්ල පරිශ්‍රය ප්‍රධාන කොටගෙන පැවැත්වුණි.

මෙහිදී පොල්ගොල්ල වේල්ල අසල සිට මහවැලි ගංඟා ඉවුර, කටුගස්තොට නගරයේ සිට රණවන මාර්ගයේ මහවැලි ගංඟා ඉවුර සහ පොල්ගොල්ල ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙහි කසල වර්ගීකරණ මධ්‍යස්ථානය යන පරිශ්‍රයන්හි වූ ප්ලාස්ටික් සහ පොලිතීන් ඉවත්කිරීම සහ වර්ගීකරණය කොට වෙන්කිරීම සිදුකරන ලදී. මෙහි සමාරම්භක අවස්ථාව සඳහා මහනුවර දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දසනායක මහතා ද එක් වූ අතර වැඩසටහන සඳහා මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යංශය, පළාත් නිවාස දෙපාර්තමේන්තුව, පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුව, පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය සහ පළාත් ප්‍රවාහන සේවා අධිකාරිය යන ආයතනයන්හි ආයතන ප්‍රධානීන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් ද ශ්‍රී ලංකා රතුකුරුස සංගමය ද දායකත්වය ලබාදෙන ලදී. වැඩසටහනෙහි මෙහෙයුම් කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් අදාළ සම්බන්ධීකරණ කටයුතු සිදුකරන ලදී.

Photos from Ministry of Roads-cp's post 26/04/2025

සිරි දළදා වන්දනාවට සමගාමීව මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන, ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය විසින් සංවිධානය කරනු ලැබූ පාන් සහ සීනි සම්බෝල දන්සැල 2025.04.25 දින පැවැත්විණ. අමාත්‍යංශ ලේකම් දිලීපා රූපානි පියදාස මහත්මියගේ මඟපෙන්වීම යටතේ සිදුකරනු ලැබූ මෙම පුණ්‍ය කර්මය සඳහා අමාත්‍යංශ කාර්ය මණ්ඩලය ද පළාත් ප්‍රවාහන සේවා අධිකාරිය, පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය, පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ පළාත් නිවාස දෙපාර්තමේන්තුව යන ආයතන ද එම ආයතනයන්හි කාර්ය මණ්ඩල ද දායකත්වය සපයනු ලැබීය.

Photos from Ministry of Roads-cp's post 22/01/2025

Clean Sri Lanka ජාතික වැඩසටහන සම්බන්ධයෙන් මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන, ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ කාර්ය මණ්ඩලය දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025.01.17 දින අමාත්‍යංශ ශ්‍රවනාගාරයේ දී පැවැත්විණ. අමාත්‍යංශ ලේකම් දිලීපා රූපානි පියදාස මහත්මියගේ සම්පත්දායකත්වයෙන් පැවැති මෙම වැඩසටහනෙන් පසු අමාත්‍යංශ පරිශ්‍රය පිරිසිදු කිරිමේ වැඩසටහනක් සියලුම කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ගේ දායකත්වයෙන් පැවැත්විණි.

Photos from Ministry of Roads-cp's post 22/01/2025

මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන, ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති සහ නිවාස හා ඉදිකිරිම් අමාත්‍යංශයේ 2025 නව වසර වෙනුවෙන් රාජකාරී ආරම්භ කිරීමේ කටයුතු Clean Sri Lanka ජාතික වැඩසටහන හා සම්බන්ධ වෙමින් 2025.01.01 දින අමාත්‍යංශ පරිශ්‍රයේ දී පැවැත්විණ. ඒ හා සමගාමීව නව වසරට ආශිර්වාද පතා පරිත්‍රාණ දේශනාවක් ද පැවැත්වුණි.

Photos from Ministry of Roads-cp's post 22/01/2025

මධ්‍යම පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) වශයෙන් රාජකාරී කළ දිලීපා රූපානි පියදාස මහත්මිය 2024.12.19 දින සිට මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන, ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ නව ලේකම්වරිය වශයෙන් රාජකාරී ආරම්භ කරන ලදී.

Photos from Ministry of Roads-cp's post 25/06/2024

මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යාංශය විසින් පොසොන් පොහොය වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ කිරි කොස් සමග පොල් රොටී දන්සැල, මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යාංශ ලේකම් මධුපානි පියසේන මහත්මියගේ මගපෙන්වීම යටතේ මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් සහ මහනුවර දිස්ත්‍රික් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් 2024.06.20 දින අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.

18/06/2024
Photos from Ministry of Roads-cp's post 13/06/2024

ජාතික පරිසර දිනයට සමගාමීව මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ප්ලාස්ටික් හා පොලිතින් එකතු කර ප්‍රතිචක්‍රීකරණය කිරීම පිළිබඳව කාර්යමණ්ඩලය දැනුවත් කිරීමේ වැඩසටහනක් අමාත්‍2යංශයේ කළමනාකරණ සේවා නිලධාරී තිළිණ මධුෂංක මහතා විසින් 2024.06.04 දින අමාත්‍යාංශ රැස්වීම් ශාලාවේදී පවත්වන ලදී

Photos from Ministry of Roads-cp's post 13/06/2024

2024.06.01 දිනට යෙදී තිබූ ජලය හා ජලමූලාශ්‍ර දිනය නිමිති කරගෙන මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යාංශය හා මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය එක්ව හාරගම පෙරමුසු අංගනයට යාබදව උණ පැළ රෝපණය කිරීම

Want your business to be the top-listed Government Service in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


No. 109, Yatinuwara Street
Kandy
20000