Kandy Municipal Council

Kandy Municipal Council

Share

මහනුවර මහා නගර සභාවේ නිල FACE BOOK පිටුව
The Official page of Municipal Council - Kandy

30/05/2026
Photos from Kandy Municipal Council's post 27/05/2026

ජනාකීර්ණ මහනුවර නගරයේ මහජනතාවට සුරක්ෂිතව ගමන් කිරීමටත් රථවාහන ධාවනයේදි බාධාවකින් තොරව ගමන් කිරිමටත් හැකිවන පරිදි, KMTT ව්‍යාපෘතියට සමගාමීව ඉදිකරන ලද බෝගම්බර පැරණි බන්ධනාගාරයේ සිට බෝගම්බර ක්‍රිඩා පිටිය දක්වා උමං මාර්ගය 2026.05.27 වන අද දින ප්‍රවහන සහ මහාමාර්ග ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කරන ලදි.
මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර ගරු නගරාධිපති චන්ද්‍රසිරි විජයනායක, ගරු නියෝජ්‍ය නගරාධිපති රුවන් ගලපිටිය, නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු මහනුවර මහා නගර සභාව, මාර්ග සංවර්ධන අධිකාරිය හා ශ්‍රී ලංකා පොලිසියේ නිළධාරි මහත්ම මහත්මීන් පිරිසක් සහභාගී විය.
මහනුවර ජාතික රෝහල, බෝගම්බර බස්රථ අංගනය, බෝගම්බර ක්‍රීඩාංගණය වෙත දෛනිකව පැමිණෙන විශාල ජනතාව හට මෙමගින් මහත් පහසුවක් උදාවනු ඇත.

නාගරික මාධ්‍ය ඒකකය - මහනුවර




22/05/2026

🔵 ඕනෑම හදිසි ජල බිඳවැටුමකදී
පහත අංක අමතන්න.

🔵 தண்ணீர் விநியோகத்தில் ஏதேனும்
கோளாறு ஏற்பட்டால், கீழ்க்கண்ட தொலைபேசி எண்களை தொடர்பு கொள்ளவும்.

🔵 Please Contact The Following Number's
For Any Water Failure.

🟫 081-2922381
🟫 081-2922385

මහනුවර මහා නගර සභාව
கண்டி மாநகர சபை
Kandy Municipal Council

21/05/2026

☸️ සියලු දෙනාට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! ☸️

🟡 වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනය හා සැරසිලි
2026.05.30 සහ 31දිනවල

- ජෝර් ජ්. ඊ. ද සිල්වා උද්‍යාන පරිශ්‍රය
- ජෝයි බෝට්ටු සේවාව සහ ලක්සල පරිශ්‍රය
- කුරුළු උයන
- ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව හා කරලිය රංග ශාලාව ඉදිරිපස ප්‍රදේශය
- ඩී.එස්. සේනානායක මහජන පුස්තකාලය සහ ඊ.එල්. සේනානායක ළමා පුස්තකාල පරිශ්‍රය
- නාගරික රථගාල පරිශ්‍රය
- නගර සභා පරිශ්‍රය
- නගර සභා හන්දිය

🟡 භක්ති ගීත වැඩ සටහන
2026.05.31 06.00 ට නගර සභා පරිශ්‍රයේ දි

🟡 වෙසක් දන්සැල
2026.05.31 නගර සභා පරිශ්‍රයේ දි

ඔබ සැමට බැතිසිතින්
ආරාධනා 🙏☸️

නාගරික මාධ්‍ය ඒකකය
මහනුවර මහා නගර සභාව
Kandy Municipal Council

21/05/2026

“වෙසක් දන්සල් 2026˝ - විශේෂ දැනුවත් කිරීම

• මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් දන්සල් සංවිධානය කරන සියලු දෙනාට වැදගත් දැනුවත් කිරීමකී.

• ඔබ සංවිධානය කරන සියලු දන්සල් මහනුවර මහා නගර සභාවේ නිල වෙබ් අඩවිය හරහා ලියාපදිංචි කිරීම අනිවාර්ය වේ.

• ලියාපදිංචි වීමට පහසු පියවර

1. මහනුවර මහා නගර සභාවේ නිල වෙබ් අඩවියට පිවිසෙන්න.
2. "Dansal Register" පෝරමය තෝරන්න.
3. අවශ්‍ය තොරතුරු තොරතුරු ඇතුලත් කරන්න.
4. තොරතුරු පරීක්ෂා කර Submit කරන්න.

• මහජන ආරක්ෂාව, සුරක්ෂිත භාවය සහ නිසි සංවිධානය සඳහා මෙම ලියාපදිංචි කිරීම අත්‍යාවශ්‍ය වේ.

අපගේ නිල වෙබ් අඩවි
https://kandy.mc.gov.lk/

සියලු දෙනාට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!

මහනුවර මහා නගර සභාව
Kandy Municipal Council
Municipal Media Unit - Kandy

Photos from Kandy Municipal Council's post 16/05/2026

මහනුවර මහා නගර සභාවේ, නාගරික ගෘහස්ථ ක්‍රීඩාංගණයේ නිල වෙබ් අඩවිය ජනගත කිරීම.

නාගරික මාධ්‍ය ඒකකය - මහනුවර

Photos from Kandy Municipal Council's post 11/05/2026

මැයි මස දහවන දිනට යෙදුණු ලෝක මව්වරුන්ගේ දිනය වෙනුවෙන් මාතෘ ධාරක හා ළමා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මහයියාව සායනයේ ගර්භණී මව්වරු සඳහා,
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය උදයමාලා මහත්මියගේ අධීක්ෂණයෙන් මහජන සෞඛ්‍යය හෙද සොහොයුරිය සිරිවර්ධන මහත්මියගේ මග පෙන්වීම යටතේ Kandy Mist by Cinnamon ආයතනය අනුග්‍රහයෙන් ලබා දුන් පෝෂණීය සංග්‍රහය.

නාගරික මාධ්‍ය ඒකකය - මහනුවර


11/05/2026

“වෙසක් දන්සල් 2026˝ - විශේෂ දැනුවත් කිරීම

• මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් දන්සල් සංවිධානය කරන සියලු දෙනාට වැදගත් දැනුවත් කිරීමකී.

• ඔබ සංවිධානය කරන සියලු දන්සල් මහනුවර මහා නගර සභාවේ නිල වෙබ් අඩවිය හරහා ලියාපදිංචි කිරීම අනිවාර්ය වේ.

• ලියාපදිංචි වීමට පහසු පියවර

1. මහනුවර මහා නගර සභාවේ නිල වෙබ් අඩවියට පිවිසෙන්න.
2. "Dansal Register" පෝරමය තෝරන්න.
3. අවශ්‍ය තොරතුරු තොරතුරු ඇතුලත් කරන්න.
4. තොරතුරු පරීක්ෂා කර Submit කරන්න.

• මහජන ආරක්ෂාව, සුරක්ෂිත භාවය සහ නිසි සංවිධානය සඳහා මෙම ලියාපදිංචි කිරීම අත්‍යාවශ්‍ය වේ.

අපගේ නිල වෙබ් අඩවි
https://kandy.mc.gov.lk/

සියලු දෙනාට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!

මහනුවර මහා නගර සභාව
Kandy Municipal Council

Want your business to be the top-listed Government Service in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Kandy
20000

Opening Hours

Monday 09:00 - 16:00
Tuesday 09:00 - 16:00
Wednesday 09:00 - 16:00
Thursday 09:00 - 16:00
Friday 09:00 - 16:00
Saturday 09:00 - 12:00