15/03/2026
වැසුනු දොරටු විවර කරමු...
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from කන්ද k a n d a, "Samadhi" 1/A/3, Dunkumbura, Hatharaliyadda, Kandy.
15/03/2026
වැසුනු දොරටු විවර කරමු...
15/03/2026
අළුතින් වැඩ පටන් ගන්න කාලෙ ඇවිත් කියල හිතෙනව...සපෝට් කරන්න බ්‍රෝ....
15/03/2026
08/02/2026
"පිරිමියෙක් වුණාම ඕව දරාගන්න ඕනේ" කියලා හිත හදාගත්තට, ඔළුව පුපුරන්න එන වෙලාවල් ඔයාටත් තියෙනවා නේද?🧠
🙆 ගෙදර බර, ණය බර, රස්සාවේ ප්‍රශ්න ඔක්කොම තනියම කරේ තියාගෙන යද්දි පිරිමියෙක්ට එන පීඩනය වචන වලින් කියන්න බෑ.
🔴 සමාජය මොනවා කිව්වත්, පිරිමි හිතක් කියන්නෙත් ගලක් නෙවෙයි. මේ පීඩනය දිගටම තිබුණොත් එන්නේ අකලට මැරෙන ලෙඩ රෝග විතරයි.ඒ නිසා මේ දේවල් අත්හදා බලන්න.
👉 පිරිමි හෝමෝන ක්‍රියාකාරීත්වයත් එක්ක, පීඩනය අඩු කරගන්න හොඳම විදියක් තමයි "කායික වෙහෙස".
💥 ඔළුව බර වෙලා නම්, නිකන්ම ඇඳට වෙලා කල්පනා කර කර ඉන්න එපා. පොඩ්ඩක් දාඩිය දාන්න වැඩක් කරන්න, ජිම් එකට යන්න, හවසට යාළුවොත් එක්ක ක්‍රිකට් මැච් එකක් ගහන්න.
💥 ඇඟ වෙහෙසෙනකොට ස්ට්‍රෙස් හෝමෝන දවී ගිහින් මනසට දැනෙන සැහැල්ලුව පුදුම හිතෙනවා.
👉 ඒ වගේම ප්‍රශ්න ඔක්කොම තනියම විසඳන්න හදන්න එපා. අඩුම තරමේ විශ්වාසවන්ත එකම එක යාළුවෙක් ළඟ හරි හිතේ තියෙන බර වචන වලට හරවලා එළියට දාන්න.
🔥 පිරිමි අපි පුරුදු වෙලා ඉන්නේ "මම ඕක බලාගන්නම්" කියලා හැමදේම හිතේ හිර කරගන්නනේ. ඒත් මතක තියාගන්න, වාහනේ දුවන්න නම් එන්ජිම රත් නොවී තියෙන්න ඕනේ.
🌈️ ඔයා වැටුණොත් මුළු පවුලම වැටෙනවා. ඒ නිසා පවුල වෙනුවෙන් මහන්සි වෙන ගමන්, ඔයාගේ මානසික නිදහස වෙනුවෙන් දවසට වෙන් කරගන්න. ✨️✨️
10 M Follower's
AURA Vibes 🌈️
03/02/2026
https://www.facebook.com/share/17wjCBdSQ7/
කන්ද කැන්ඩි උනු විදිහ
අපි "නුවර" කිව්වට සුද්දා "Kandy" කිව්වේ ඇයි?
"සෙංකඩගලපුර" නමේ ඇත්ත කතාව මෙන්න!
අපි හැමෝම දන්න විදියට අද මහනුවර හඳුන්වන්නේ "Kandy" කියලා. ඒත් ඔයා දන්නවාද මේ නම හැදුණේ කොහොමද කියලා? ඒ වගේම අපේ රාජධානියට "සෙංකඩගලපුර" කියන නම ලැබුණේ ඇයි?
මේ ඒ ගැන රසවත් ඉතිහාස කතා ටිකක්,
"Kandy" නම ආවේ කොහොමද?
සුදු ජාතිකයන් ලංකාවට එනකොට උඩරට රාජධානිය හැඳින්වූයේ "කන්ද උඩරට" (Kanda Uda Rata) විදියටයි. පෘතුගීසීන් මේ වචනය කෙටි කරලා "Candea" (කැන්ඩියා) කියලා පාවිච්චි කළා. පස්සේ කාලෙක ඉංග්‍රීසීන් ඒක තවත් ලේසි කරලා "Kandy" බවට පත් කළා. ඒ කියන්නේ "Kandy" කියන්නේ සිංහල වචනයක් වන "කන්ද" කියන එකෙන් හැදුණු වචනයක්!
"සෙංකඩගල" නමේ රහස,
ඉතිහාස පොත්වල සඳහන් වෙන විදියට මේ නම හැදෙන්න හේතු කිහිපයක් තියෙනවා..
උඩවත්ත කැලේ ගල් ලෙනක හිටපු "සෙංකඩ" නම් බ්‍රාහ්මණ තවුසෙක් නිසා මේ නම ලැබුණා කියන මතය තමයි ප්‍රසිද්ධම.
සෙංකඩගල පාෂාණය, මේ ප්‍රදේශයේ තිබුණු විශේෂ වර්ණවත් ගලක් (Colored Stone) නිසා මේ නම ආවා කියලත් කියනවා.
තුන්වන වික්‍රමබාහු රජතුමාගේ බිසවගේ නම "සෙංකන්දා" නිසා මේ නම ලැබුණා කියලත් මතයක් තියෙනවා.
ජනප්‍රවාදයේ එන ලස්සනම කතාවක් තමයි මේක, දවසක් රජතුමා දඩයමේ යනකොට දකිනවා හාවෙක් පස්සේ නරියෙක් එළවනවා. එකපාරටම හාවා ආපහු හැරිලා නරියා පස්සේ එළවන්න ගන්නවා! මේක දැක්ක සෙංකඩ තවුසා රජතුමාට කිව්වලු "රජතුමනි, මේක ජය භූමියක් (Victory Ground). මෙතන රාජධානියක් කළොත් සතුරන්ට ලේසියෙන් පරදන්න බෑ" කියලා. එහෙම තමයි සෙංකඩගල පුරවරය ඉදිවුණේ.
අදටත් උඩවත්ත කැලේට ගියොත් ඔයාට අර "සෙංකඩ ගුහාව" (Senkanda Cave) බලාගන්න පුළුවන්. මේ photo එකේ තියෙන්නෙ ඒ ගුහාව.
ඔයා මේ කතාව කලින් දැනගෙන හිටියාද? පහලින් comment කරන්න!
Article © I Love Kandy
මට වැදුනොත් එයාට ඇන ඇන උදව් කරන්න උපන් මිනිහෙක් මිසක්..
ඇන ඇන උදව් ඉල්ලන්න උපන් කෙනෙක් නෙවි බ්‍රෝ....
31/01/2026
..
පරිසරයට ආදරේ කරන පැටවුන්ට
සිබිල් නැන්දාගේ අකුරු ආභාස සහිත
කන්දෙන් පරිසර හිතකාමී බෑගයක්...
20/01/2026
නුවර KCC
හපුවිද ලාක්ෂා
ආදරණීය ජේෂ්ට ශිල්පී ආදරය
Kandy City Centre - KCC